Friday, March 25, 2016

පොහොර සහනාධාරයේ විප්ලවය

වර්තමානයේ කරලියට පැමිණ තිබෙන අලූත්ම කතාබහක් වන්නේ පොහොර සහනාධාර ගැටලූවයි. කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවියාගේ ප‍්‍රධානතම අරමුණ වන්නේ හොඳ අස්වැන්නක් ලබා ගැනීමයි. හොඳ අස්වැන්නක් ලබා ගැනීමටනම් නියමිත කාලයේදී ඊට අවශ්‍ය පොහොර භාවිතා කල යුතුයැයි ගොවියෝ විශ්වාස කරති. පැවති රජය මගින්  මෙතෙක් ලබාදුන් පොහොර සහනාධාරය කප්පාදු කර ඒ වෙනුවට මුදල් වව්චර්පත් ලබා දීමට වත්මන් රජය කටයුතු කරමින් සිටී.
නව රජයක් තෝරාපත් කරගනු ලැබුවේ ජනතාවට සහන ලබාදෙන අරමුණෙනි. ජනතාව ද ඔවුන්ව පත්කරගනු ලැබුවේ පැවති රජයට වඩා යම් ප‍්‍රමාණයක හෝ සහනයක් නව රජයක් යටතේ ලැබේය යන විශ්වාසය මතය. නමුත් ගොවීන්ට සිදු වූයේ කබලෙන් ලිපට වැටුණා වැනි දෙයකි. ගොවීන් පවසන්නේ  තමන්ට මෙතෙක් ලැබුණ පොහොර සහනාධාරය පැවති රජයන් මල් බන්දේසි මත තබා පිරිනැමු ඒවා නොවන බවත් තමන් සටන් කර උපවාස කර ලබා ගත් බවත් වත්මන් රජය එම සහනාධාර ක‍්‍රමයද කප්පාදු කර ඇති බවත්ය. මීට අමතරව තේ, කෙසෙල්, බුලත්, කෝපි, ඇතුළු අතිරේක බෝග වගාවන්ට ද ලබාදුන් පොහොර සහනාධාරය කප්පාදු කර තිබේ.
ආණ්ඩුව තම මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ මගින් ඉදිරිපත්කර තිබුණේ මෙතෙක් ලබා දුන් පොහොර සහානාධාර ක‍්‍රමය කිසිදු වෙනසක් නොකොට ලබා දෙන බවයි. නමුත් මෙම පොරොන්දුව හුදෙක් පුස් වෙඩිල්ලක් බවට පත්කරමින් ඔවුන් තම මැතිවරණ පොරොන්දුව පසෙකලා නවතම ක‍්‍රමවේදයක් හදුන්වා දී තිබේ. මෙම ක‍්‍රමවේදය යටතේ පොහොර වෙනුවට මුදල් වවුචර්පතක් ලබාදෙන අතර මෙම පොහොර සහනාධාර මුදල් ලබාගැනීමේ දී ගොවීන්ට රජයේ වාණිජ බැංකුවක සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ”ගොවිජන බැංකුවේ” නව ගිණුමක් ආරම්භ කිරීම සහ සහනාධාර ඉල්ලූම් පත‍්‍රය සදහා ඉල්ලූම්කරුවන්ගේ ඡුායාරූපයක් ඇමිණිම ද අනිවාර්ය කර ඇත.
තවද වී ගොවිතැන සදහා හෙක්ටයාර් එකකට ලබාදෙන රුපියල් 25000 පොහොර සහනාධාර මුදල රජයේ  ඕනෑම වාණිජ බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කළ හැකියැයි රජය නිවේදනය කළත් ගොවි දිරිය නමින් වෙනත් ගිණුමක් ආරම්භ කළ යුතුබව ද මෙම ගොවි දිරිය ගිණුමක් සඳහා  රුපියල් 100ත් 500ත් අතර මූලික  තැන්පතුවක් අවශ්‍ය අතර ගොවිජන බැංකුවේ ආරම්භ කල යුතු ගිණුම සදහා රුපියල් 100ක මුදලක් අවශ්‍ය බව ද ගොවීහු මැසිවිලි නගති.
තත්ත්වය කෙසේ වෙතත් වපුරාගත් අස්වැන්න ආරක්ෂා කරනු වෙනුවට තමන්ට පොහොර සහානාධාරය නැතිවේ යන බියෙන් රජයේ වාණිජ බැංකුවල නව ගිණුම් ආරම්භ කිරීම සඳහා ගොවීන් පෝලීම් ගැසී සිටින ආකාරයක් දැකගත හැකිය.  මෙලෙස ගිණුම් විවෘත කර මුදල් ලබා දී පොහොර මිලදී ගැනීම නියම කිරීම වෙනුවට පුරුදු ලෙසම පොහොර සහනාධාරය ලබා දෙන මෙන් ගොවීන් වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලති.
මෙරට ඉතිහාසය අනුව ගොවියන්ට පොහොර සහනාධාරයක් ගෙවන්නට තීරණය කර ඇත්තේ 1962 වර්ෂයේදීය. සුළුවෙන් පටන් ගත් මෙම පොහොර සහනාධාර ක‍්‍රමය වර්තමානය දේශපාලන අතකොලූවක් බවට පත්ව ඇත. මෙම සහනාධාර ක‍්‍රමය රටට බරක් වන විට ආදාළ පාලක පන්තිය සිදු කරනු ලබන්නේ රසායනික පොහොර භාවිතය අවම කිරීමට යම් යම් පැලැස්තර යෙදීමය. නොයෙක් කොන්දේසි සකසා රසායනික පොහොර භාවිතය අවම කර කාබනික පොහොර භාවිතය වැඩි කිරීමය. 2016 අයවැය මගින් රුපියල් බිලියන 50ක මුදලක් මෙම පොහොර සහනාධාරය සඳහා වෙන් කරන බව යෝජනා ඉදිරිපත් කෙරුණත් ගොවීන්ට අවශ්‍ය පමණ පොහොර ලබා ගැනීම සඳහා වෙළඳපොලේ පොහොර හිඟයක් පවති.
වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවරයා ද ගොවිතැනින් සශි‍්‍රක රජරට රාජධානීයේ ගොවියන්ගේ මනාපයෙන්ම මැතිසබයට පැමිණි අමාත්‍යවරයෙකි. නමුත් ඔහුගේ පිළිතුර අතීසාරයට අමුඩ ගැසීමක් වැනිය. අමාත්‍යවරයා පවසන්නේ පසේ සංයුතිය එක හා සමානව නොමැති බැවින් පොහොර භාවිතාව අඩුකල යුතු බවත් 1994 සිට පසට යොදන පොහොර භාවිතය අඩු කල බවත් කන්නයක් ඇර කන්නයක් රසායනික පොහොර භාවිතා කළ යුතු බවය. කෘෂිකර්ම අමාත්‍යවරයා පසේ සමානතාවය පරික්ෂා කිරීමට පෙර තම ගොවි ජනතාවගේ ගැටලූ විසදීම සිදු කළයුතු නොවේ ද?
ගැටලූව උග‍්‍ර වීමත් සමඟම මේ සදහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද සම්බන්ධ වී තිබේ. ජනතාවට මතුවන මෙවැනි ගැටලූවක් පවා විසඳා ගැනීමට වර්තමාන අමාත්‍යාංශ ශක්තිමත් වී නොමැති බව මෙයින් පෙනී යන ප‍්‍රධාන ගැටලූවකි. මෙවැනි තත්ත්වයන් තුළින් සිදු වන්නේ පවතින රජය මෙන්ම පාලක පක්ෂය පිළිබඳව ද ජනතාව තුළ අප‍්‍රසාදයක් පළ වීමයි. මේ දිනවල සෑම ප‍්‍රදේශයකම පාහේ ගොවීන්ගේ විරෝධතා ව්‍යාපාර දක්නට ලැබෙන අතර එම ගොවීන් දොස් පවරන්නේ  ඔවුන් විසින්ම පත් කරගත් පාලකයන්ටය.
මිනිසා ගොවි යුගයට පරිවර්තනය වූ දා පටන් එදා මෙදා තුර ලාංකිකයාගේ ප‍්‍රධාන ආහාරය බත්ය. ලෝක ජනගහනයෙන් 2/3ක් පමණ වෙසෙන ආසියානු කලාපය වී ගොවිතැන සඳහා ප‍්‍රචලිතය. ශ‍්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මයේ මෙන්ම ආහාර භෝග වගාවෙහි ප‍්‍රධානතම භෝගය වී වශයෙන් හැදින්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකම වී වගා කෙරේ. ඉන් විශාල පිරිසකට රැුකියා සපයා ඇත. එමෙන්ම අධික ජන සංඛ්‍යාවක් පෝෂණය කරන ධාන්‍ය වර්ගයකි. ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතයට ද සැලකිය යුතු අන්දමින් දායක වේ. 1999 වසරේදී දළ ජාතික නිශ්පාදනයට එකතුව දශලක්ෂ 30,197 වූ අතර ප‍්‍රතිශතය 3.04% ක්වේ.
ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රාජ්‍යක් වන බැවින් කෘෂිකර්මාන්තය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. එයින් ද රටට ප‍්‍රධාන ආහාරය සපයන වී ගොවියා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. වී වගාවට අවශ්‍ය ජලය, පොහොර, කෘමිනාශක හා අදාළ අස්වැන්න සඳහා ඉහළ මිලක් නියම කිරීම ද රජයක මූලික වගකීම විය යුතුය. ඒ සඳහා රජය නිසි ක‍්‍රමවේදයක් සකස් කළ යුතුය. මෙම පොහොර සහනාධාර ගැටලූව මේතරම් උඩුදුවන මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ ගොවියාට එම සහනාධාර ක‍්‍රමය නිසි පරිදි සන්නිවේදනය නොවූ බැවිනි. ගොවීන්ටද මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැත. රජය උත්සාහ ගන්නේ මේ මගින් රසායනික පොහොර භාවිතය අවම කොට කාබනික පොහොර භාවිතයට හුරු කිරීම විය හැකිය. නමුත් මෙම කාබනික පොහොර භාවිතය කඩිමුඩියේ සිදු කළ නොහැකිය. ගොවියන්ට ඒ පිළිබඳ නිසි අවබෝධයක් ලබා දී ක‍්‍රමයෙන් කාබනික පොහොර භාවිතයට හුරු කොට රසායනික පොහොර භාවිතය අවම කළ යුතුය. මෙම වවුච්චර්පත් ක‍්‍රමය මගින් ගොවියාට තමන්ගේ බෝගයට මෙන්ම පසට අවශ්‍ය පරිදි පොහොර වර්ගය ලබාගත හැකිය. මේ පිළිබඳව පාර්ශ්වයන් දෙකම නිසි අවබෝධයකින් යුතුව කටයුතු කළේ නම් මෙවැනි අර්බුදයකට ගොවියන්ට සහ රජයට මුහුණ පාන්නට සිදු නොවනු ඇත.






Sunday, March 20, 2016

ලාංකීය ටෙලි කළාවේ මලගම



ඇසිදිසි මාධ්‍යක් ලෙස රූපවාහිනිය අත්පත් කරගෙන තිබෙන්නේ සුවිශේෂි ස්ථානයකි. එහි විකාශනය වන වැඩසටහන් අතරින් ටෙලිනාට්‍ය අත්පත් කරගෙන තිබේන්නේ ප‍්‍රමුඛ ස්ථනයකි. ටෙලි විකාශනයන් අතරින් බොහෝ පේ‍්‍රක්ෂක පිරිසක් රුදී සිටින්නේ ටෙලිනාට්‍ය අඩ පැය වෙනුවෙනි. මෙසේ විශාල පේරක්ෂක පිරිසකගේ රසභාවයට ලක් වූ ටෙලි නාට්‍ය අනිවාර්යෙන්ම පේ‍්‍රක්ෂක රසභාවය හා කලාත්මක වින්දනය පෝෂණය කළ යුතුය. අරුත් සුන් බොළ ටෙලිනාට්‍ය මගින් සිදුවන්නේ පේ‍්‍රක්ෂක රසභාවය මොට කරමින් ඔවුන් යථාර්තයෙන් ඔබ්බට වූ සිහින ලෝකයන් වෙත ගෙන යාමයි.

රූපවාහිනිය බිහි වූ මුල් අවධීයේ රූපවාහිනී නාලිකා විශාල ප‍්‍රමාණයක් තිබුණේ නැත. ස්වාධින රූපවාහිනිය, ජාතික රූපවාහිනිය මෙන්ම ස්වර්ණවාහිනිය පමණක් තිබිණ. ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය වූයේ ඞී.බී නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ දිමුතු මුතු ටෙලිනාට්‍යයි. ඉන් අනතුරුව පිළිවෙලින් පළිගු මැණිකේ, කන්දේ ගෙදර,දූ දරුවෝ වෙ හාමිනේ, යශෝරාවය, අඹයාළුවෝ වැනි ටෙලි නාට්‍යයන් පේ‍්‍රක්ෂකයන් බොහෝ දෙනෙක් ආදරෙන් වැළද ගන්නා ලදී. මෙලෙස බිහි වූ සිංහල නට්‍ය කලාවට කණ කොකා හැඩුවේ ඉන්දිය ටෙලි නාට්‍ය ආගමනයත් සමය. ප‍්‍රවිනා, වසූදා, චිත්තිගෙන් ආරම්භ වුණ ඉන්දීය ටෙලි රැල්ල වර්තමානයේ මේ ආදරයයි දක්වා ලාංකීය ටෙලි අඩපැය අතික‍්‍රමණය කොට තිබෙනවා.

විවෘත ආර්ථික රාමුව තුළ  විවිධ ජීවන වෘත්තීන් වල නිරත වෙමින් සිටින අයත්, තම දරුවන්ගේ සහ නිවසේ රාජකාරි වල නිරත වෙමින් සිටින කාන්තාවටත් විවවේකයක් ලැබෙන්නේ රාත‍්‍රී කාලයේදීය. මොවුන් මෙම විවේක කාලයේදී රූප පෙට්ටිය වඩා පොදි බදින්නේ ල ස්වල්ප මොහොතේ වුවද රස වින්දනයක් ලැබීටය. නමුත් මෙම ඉන්දීය ටෙලි රැල්ල මෙන්ම ලාංකීය මෙගා ටෙලි රැල්ල මගින් පේ‍්‍රක්ෂකයා යථාර්ථයෙන් ඔබ්බට වූ වෙනස්ම මනෝ රජ්‍යයක් වෙත ගෙන යනු ලබයි. මේ සෑම ටෙලියක්ම විකාශනය වන්නේ එකම රාමුවක් තුළය. එහිදී කාන්තාව ප‍්‍රධානය චරිතය කොට ඇය කතාව පුරාම වීරවර්යක් ලෙස ඔසවා තබනු ලබයි.සැබෑ ලෝකයේ සැමාන්‍ය කාන්තාවකට දැරිය කොහැකි අභියෝග, චිත්ත පීඩාවන් මේ කාන්තාවන් දරා සිටී. හැමදාමත් එකම තැන පල්වන ටෙලිය අතුරු කතා තුළින් ඉදිරියට ගෙන යනු ලබයි. මෙම ටෙලි නාට්‍ය වල සිටින කාන්තාවන් කෙදිනකවත් වයසට යන්නේ නැත වෙනස් වන්නේ ඔවුන්ගේ කොන්ඩා මෝස්තරය පමණ. එසේම නිවසට පැළද සිටින්නේද ඔප දැමූ සපත්තුය. වර්ණවත් ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටී.මේ සෑම ටෙලි නාට්‍යයක් තුළින්ම මධ්‍යම පාන්තික සමාජයක් පෙන්නුම් කරනු ලබන අතර සාමාන්‍ය ජනයන් එහි නොමැත. සැබවින්ම මෙය මනෝරාජිකය. මෙය නරඹන ලාංකීය පේ‍්‍රක්ෂකයා ද මෙලස මවා දෙන ලෝකයන් වල ජීවත් වේ. ටෙලි නාට්‍ය තුළ ප‍්‍රධාන චරිතයේ සිහින තුළ ජීවත් වේ.

ලාංකීය සිතුම් පැතුම්, සංස්කෘතීන් මුහු කරමින් ජාතික අනන්‍යතාවයන් විදහා පාන්නට නිර්මාණ කරනු ලැබූ ටෙලි නිර්මාණයන් අද ඇත්තේ අතලොස්සක් පමණි. ඒම අතලොස්සක් වූ ටෙලි නිරිමාණයන් ද නරඹනු ලබන්නේ සීමිත ප‍්‍රමාණයකි. මෙය ලාංකීය ටෙලි නාට්‍ය කාලවේ මහත් ඛේදවාචකයකි. මේ තුලින් දක්ෂ තිර පිටපත් ශීලපීන්ට මෙන්ම ලාංකීය නළු නිලියන්ටද තම පැවැත්ම පිළිබව පවතින්නේ ප්‍රෙහෙලිකාවකි. මේ තත්ත්වය දිගටම පැවතිය හොත් ලාංකීය ටෙලි කාලාව නැත්තමට නැති වී යයි.

පේ‍්‍රක්ෂක රස භාවයන් අමතක කොට ලාභ පරමාර්ථයන් වෙනුවෙන් පමණක් මෙම මෙගා ටෙලි නාට්‍ය නිශ්පාදනය කරනු ලබයි. අඩු මුදලකට ගෙන්වනු ලබන මෙම ටෙලිනාට්‍ය තුලින් දේශිය ටෙලි කාර්මාන්තයට ද එල්ල වන්නේ මරු පහරකි. පේ‍්‍රක්ෂකයන් විශාල පිරිස් රැදී සිටින්නේ ඉන්දීය ටෙලි රැල්ල වටාය එබැවින් වෙළ දැන්වීම් අනුග‍්‍රාහකත්වය නොමව මේ සහා නොමව ලැබේ.

වර්තමානයේ හතු පිපෙනවා මෙන්  රූපවාහිනී නාලිකා බිහි වේ. මෙම රූපවැහිනී නාලිකා වල බිහිවන ටෙලි නාට්‍ය ඇතුළුව වැඩසටහන් රාශියක්  විකාශනය වේ. මේ වැඩටහන් අතරින් තමාට සුදුසු වැඩසටහන් තොරා බේරාගෙන නැරඹීමේ අයිතිය පේ‍්‍රක්ෂකයාට නැති කොට තිබේ. අසවල් ටෙලි නාට්‍ය නැරඹිය යුතු යැයි විධානයක් පේ‍්‍රක්ෂකයාට නොලැබිය යුතුය. අදාළ නාලිකාවේ ටෙලි නාට්‍ය පෙළ එක දිගට නැරඹීම තුළින් මුදල් ලබා දීමක් සිදු කරනු ලබයි. ”............. බැලූවොත් සල්ලි තමයි” යනුවෙන් සල්ලි ලබා දීමේ වැඩසටසටහන් තුළින් පේ‍්‍රක්ෂකයා නතු කරගෙන තිබේ.


තත්ත්වය මෙලෙස දිගටම පැවැතුණ හොත් ටෙලි කලාව තුලින් දක්ෂ ටෙලි නාට්‍ය නළු නිලියන් වෙනුවට බිහි වන්නේ 'ඩබිං ඇක්ටස්ලා' පමණි.

Saturday, March 12, 2016

කාන්තාව අගයමු.....



විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ කාන්තාවද මිනිසා තරම්ම ඥාණවන්තවූද සකලවිද දක්ෂතාවලින් පරිපූර්ණ වූවා පමණක් නොව පිරිමියාට සමාන  ශක්ති සම්පන්න විය.

සමාජ ආකල්ප සසඳා බැලීමේදී අතීතයේ පටන්ම කාන්තාව සැලකුවේ බයාදු චරිතයක් ලෙසය. තවද සමාජයේ පිළිගත් කිසිදු කටයුත්තක් සඳහා ස්ත‍්‍රිය සම්බන්ධ කර නොගතයුතු යන ආකල්පයද විය. ස්ත‍්‍රිය වනාහී පිරිමියා යටතේම යැපිය යුතුය යන්න ද සමාජයේ පිළිගත් මතයකි. දියණියක් ලෙස තම පියාගේ රැකවරණය යටතේද, බිරිදක් ලෙස තම සැමියාගේ රැකවරණය යටතේද, මවක් ලෙස තම දරුවන්ගේ රැකවරණය යටතේද සිටිය යුතු බව මතයක් පැවතිණි. නමුත් වර්තමාන කාන්තාව පිළිබඳ විමසා බැලීමේදී මේ තත්ත්වය වෙනස්ය. වර්තමාන කාන්තාව තම සාම්ප‍්‍රධායික කාන්තා චරිතයට සමුදෙමින් පිරිමියාට සම මට්ටමක උරෙන් උර ගැටෙමින් ජීවන තරගයේ නියැලීමෙන් සිටී. පිරිමීන්ට පමණක් සීමා වූ ජීවන වෘත්තීන්හි නියැලෙමින් දැනුමෙන් හා සමාජ මට්ටමින් පිරිමියාට සම තැනක් දරා සිටී. රටේ ශ‍්‍රම බලකාය පිළිබඳ විමසා බැලීමේදී ද වැඩි දායකත්වයක් සපයනු ලබන්නේ කාන්තා පාර්ශවයයි.

සාම්ප‍්‍රධායික සමාජ ආකල්ප තුල ගැහැණියටම වෙන් වූ සමාජ කාර්යයන්ද නොපිරිහෙලා ඉටු කරමින් දියණියක්, බිරිඳකa, මවක් ලෙස තම පවුල් තුල මෙන්ම ඉන් පරිභාහිරවද සිය පවුලට ප‍්‍රබල ශක්තියක් වන තැනැත්තියක් ලෙස කාන්තාව හැඳින්විය හැකිය. එසේම ඒ සෑම කර්තව්‍යක්ම නිසි කළමණාකාරිත්වයෙන් යුතුව ලොවක් දිනනා එකම තැනැත්තිය වන්නේ කාන්තාවමය. ලොවේ උත්තරීතර වූ මව් පදවිය ලබමින් තම දරුවන්ට අලූත් ලොවක් තනන්නේ ඇයයි.

20වන දශකයේ කාන්තාව පියනගන්නේ සංවර්ධන දශකයන් වෙතය. එබැවින් කාන්තාව සුරක්ෂිත කිරීම හා ඇගයීම සඳහා සමාජ මට්ටමෙන් මෙන්ම රාජ්‍ය මට්ටමින්ද සංවිධානය විය යුතුය.

පවුල් සංස්ථාව තුළ බිරිඳක් ලෙස  කාන්තාව තමා සතු සියළු යුතුකම් නොපිරිහෙලා ඉටු කළ ද ඇයට හිමිවිය යුතු යුතුකම් පිළිබඳ සමාජය තුල ප‍්‍රශ්ණාර්ථයක් පවති. පුරුෂයාගේ අනේක විධ පිඩාවන් මැද ජීවිකාව ගෙන යන කාන්තාවන් පිළිබඳ කොතෙකුත් අසන්නට දකින්නට ලැබේ. ගෙදර බුදුන් අම්මා ලෙස නෙයෙතුත් විරුදාවලියන් ලබමින් එදා සිට මේ දක්වා මේ ඇගේ අභිමානය, ගෞරවය රැදී තිබේ. නමුත් වර්තමාන සමාජයේ ඒ පිළිබඳ විමසා බැලිමේදි හුදු ආභරණයක් බවට පමණක් පත් වී තිබේ. කාන්තාව සමාජයේ කොතරම් ඉහළ තලයකට පත්වුවද අපට දැකගත හැකිකේ කාන්තාව තමවත් තම පවුලේ මෙන්ම සමාජයේ බර තම හිස මත පටවා සිටින වහලියක් ලෙසය. අධ්‍යාපන හෝ වෙනත් සමාජ මට්ටමකින් ඇය ඉහළ සම්මාන හිමි කරගෙන සිටියද ඇයට තවමත් සාම්ප‍්‍රධායික කාන්තා චරියතයට පනපොවන්නියක් බවට පත් වි තිබේ. මේ සඳහා වගකිවයුතු ප‍්‍රධාන පාර්ශවයන් වන්නේ අප සමාජයමය.

තමානයේ ස්ත‍්‍රිය කේන්ද්‍රකර ගනිමින් බොහෝ නිර්මාණ බිහිවුවද මේ තුලින් සැබෑ ස්තී‍්‍රත්වය නිරූපණය වන්නේ නැත. සමාජයේ දුක් විදින අඹු සැමි සබඳතා අඩු විම හා ඒ තුලින් පැන නගින්නා වූ ගැටලූ සංකීර්ණ  වීම, පවුල් ආරවුල් අනියම් සබඳතා යනාදී අවස්ා නිරූපණය කරනු ලබයි. අද සමාජයේ බොහෝ කාන්තාවන්ට මුහුණ දෙන ප‍්‍රධාන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් වන්නේ කාන්තා හිංසනයයි. මේ අපරාධ රැල්ල සඳහා මූලිකවම වගකිවයුතු වන්නේ පිරිමියය.ඒත් සමාජයේ ඇගිල්ල දික් වී තිබෙන්නේ කාන්තාව දෙසය. නිතැතින්ම පිරිමියා පමණක් නිර්දෝෂි වන අතර ඔහු පමණක් සමාජය තුලින් ඇගයීමට ලක් කරනු ලබයි.
කාන්තාව දියණියක්, බිරිඳක්, මවක් ලෙස ලෝකයක් තැනැන්නේ ඇයගේ අතින්ය. පිතෘ මූලික සමාජයක වුවද ඇයගේ කාර්යය භාර්යය අතිමහත්ය. පවුලට සෞභාග්‍යක් වන ඇය මුළු මහත් ලෝකයටම සෞභග්‍යකි. එම නිසා සැබවින්ම ඇය අගය කළ යුතුය. කාන්තාවට ඇයගේ ස්ථානය හිමිකර දිය යුතුය. දියණියක්, බිරිදක්, මවක් ලෙස දොලනය වන කාන්තාවට ඇයගේ නිසි ස්ථානය ලබා දිය යුතුය. කාන්තාවගේ ඉදිරි පැවැත්ම සෑම දෙනාගේම අවධානයට ලක්විය යුතුය. ලොවක් තනන්නී ඇයයි.එබැවින් කාන්තාව සමාජයේ ඇගයීමකට ලක්විය යුතුය.