
මගේ මුල් පාසල නිර්දෝෂි මරියා පාඨශාලව. ඒක තිබුණේ අපේ ගෙවල් ලඟමයි. අද ඒක පර්ශද පාඨශාලාවක්. උසස් අධ්‍යාපනයට මොරටු මහා විද්‍යාලයට ගියා. උසස් අධ්‍යාපනයෙන් අයින් වෙලා ගෙදර ඉන්න කාලේ පාසල් හය හතකටම ගියා. පාසලේදී සිංහල සාහිත්‍ය සංගම්වල සින්දු කියලා එතනින් ඒ ළමයිගෙන් ලැබුණ ශක්තිය ලොකු හයියක් වුණා. පාසලේ ඉන්න ළමයි මෙයා තමයි ගායකයා. මෙයාට තමයි සින්දු කියන්න පුළුවන් කියලා ඉදිරිපත් කරන්නේ. ඒ ගොල්ලන්ගේ ප‍්‍රතිචාර තමයි මුලින්ම ලැබෙන්නේ. ඒ ප‍්‍රතිචාර ලැබුණට පස්සේ තමයි මගේ හිතට වදින්නේ මට සින්දු කියන්න පුළුවන් කියලා. ටික ටික වයසින් වැඩෙන කොට මනසින් පෝෂණය වෙනකොට තම තමන්ගේ ඉලක්කයන් කරා යන්න හිතෙනවා. ඒක සමහරවිට උප්පත්තියෙන් ලැබුණ වාසනාව වෙන්න පුළුවන්. පෙර ආත්මෙක ඉදන් පතාගෙන ආපු දෙයක් වෙන්න පුළුවන්. ඒවා ලැබිලා ඒක මනසට වැටුනාම තමන්ගේ ඉලක්කය කරා යනවා. මම තාමත් මගේ ඉලක්කයට යනවා.
මට ගෙදර ළමයෙක් හැටියට ඉදලා ගෙදරින් පාසලට, පාසලෙන් ගමට, ගමෙන් රටට රටෙන් ලෝකයට යන්න කලා ක්‍ෂෙත‍්‍රයට තමයි උදව් වුණේ. ඒකට හේතුව කලා ශිල්පියෙක් හැටියට පාසල් දරුවන්ගේ පිළිගැනීම හා තල්ලූ කිරීමත් එක්ක තමයි ඉස්සරහට ආවේ පාසල් ශිෂ්‍යයෝ තමයි මගේ මුල්ම රසිකයෝ. පාසලෙන් එළියට ගිහිල්ලා ගමට යනකොට ගමේ රසිකයෝ පාසල් රසිකයොත් එක්ක එකතු වුණා. ඒ වගේ ගමෙන් රටට රටෙන් ලෝකයට යනකොට හැමතැනම රසිකයෝ එකතු වෙලා කලා ශිල්පියෙක් හැටියට මාව ස්ථාවට කෙරෙව්වා.
ගමේ සාහිත්‍ය සංගම්වල , රටේ තොටේ සින්දු කියාගෙන ඇවිල්ලා 1963 මාර්තු මාසේ 31 වෙනිදා හරියට දවල් 11.20 කරුණාරත්න අබේසේකර සූරීන් මාව ගුවන් විදුලි වැඩසටහනකට කැදෙව්වා. ඒ ගුවන් විදුලි වැඩසටහන තුළින් මම රටට හදුන්වලා දුන්නා. ”අද මේ වැඩසටහනින් මල් වෙඩිල්ලක් පත්තු කරනවා.ඒ මල් වෙඩිල්ල උඩ ගිහිල්ලා බිමට නොවැටී සදාකාලිකවම ආලෝකය ලෝකයාට සපයන මල්වෙඩිල්ලක් බව සහතිකයිමේ ගායකයා- නිහාල් නෙල්සන්”
”ලස්සනට පිපුණු වන මල්” කියන සින්දුව තමයි මම මුලින්ම ගායනා කලේ. ඒ සින්දුව අදටත් රසිකයන් අතර රැදිලා තියෙනවා. එතන තමයි පටන්ගැන්ම, ගුවන් විදුලියෙන් ශිල්පියෙක් හැටියට සමාජයට යන්න. ඒ පටන් ගැන්මට අතදීපු අය අතර, මම මුලින් ම ගමේ මගුල් ගෙදරක දී
සින්දු කියද් දී ඒ.ජේ කරීම් කියන මහා සංගීතඥයා තමයි මාව කලා ලෝකයට ඇදගෙන ගියේ. ගිහිල්ලා මාව හදුන්වලා දුන්නා ලංකාවේ විශිෂ්ඨම සංගීතඥයෙක් වගේම විශාල දැනුම් සම්භාරයක් තියෙන ආර්. ඒ චන්ද්රසේන කියන මහා සංගීතඥයට මාව හදුන්වලා දුන්නා. ඒතනින් පටන් ගත්ත හදුනාගැනීම් එක්ක මට හැමෝම උදව් කළා.
මගේ කලා ජීවිතය ආරම්භ කරේ එඞී ජයමාන්න සහ රුක්මණී දේවීයත් එක්ක. ඒ දෙන්නත් එක්ක තමයි සංගීත සංදර්ශන සදහා සහභාගී වෙන්න පටන් ගත්තේ. සී.ටී ප‍්‍රනාන්දු මහත්තයා, මොහිදින් බෙග් මහත්තයත් හිටියා. මේ කට්ටි තමයි මම පුංචි ළමයා කාලේ මුලින්ම මගේ වැඩිහිටියෝ සහ ප‍්‍රවීනයෝ හැටියට මාත් එක්ක ඇසුරු කලේ. ඒ ආපු ගමන අද වෙනකම් රසිකයන්ගේ ආදරය දිනාගෙන ඒ රසිකයන්ගේ රසිකත්වය තූළින් ආරක්ෂා වෙලා ඉන්න ලැබිලා තියෙනවා. ඒක ලොකු භාග්‍යක්. ඒක නිසා මම කවදත් රසිකයන්ට ආදරෙයි. රසිකයන් මට ආදරෙයි. මාධ්‍යත් මට ආදරෙයි මාත් මාධ්‍යට ආදරෙයි. ඔවුනොවුන් සුහදව මේ තාක් කාලයක් එනවා. හැකිතාක් කල් ඉදිරියටත් යනවා.
කටු කන්නේ නැතිව මස් කන්න බෑනේ. කටු තමයි කාටත් ඉස්සරලා හම්බවෙන්නේ. සුළු දෙයින් මහා දේකට යනවා මිසක් කවදාවත් මහා දෙයින් එකපාරට ආවොත් හරි අමාරුයි රැදෙන්න. තමන් දැනගන්න
ඕන මුලින්ම තමන් යන්නේ කොහාටද කියලා ඉලක්කයක් තියා ගන්න. ඉලක්කය කරායන කොට තමන්ට විදවන්න තියෙන හැමදෙයක්ම විදවන්න
ඕන. විදවපු තරමට තමයි විදින්න ලැබෙන්නේ. ඒ තමන් ඉලක්කය කරා යන ගමන පස්සට යන්නේ නැතුව බාධක බිදගෙන කොහොමහරි ඉදිරියට යන්න තමන්ගේ නිර්මාණ ශක්තිය තමන්ගේ හැකියාව, හැදියාව ඒ හැම දෙයක්ම මුල් කරගෙන ජනතාව අතරට ගියාම, කලා ශිල්පියා රැදිලා ඉන්නවා. ඒ ඉලක්කය කරා යන්න රසිකයෝ මට විශාල සහයෝගයක් දුන්නා. හැමවෙලේම රසිකයාට යම් කිසි නිර්මාණයක් ඉදිරිපත් කරපුවාම ඒ නිර්මාණයට රසිකයා ආදරය කරලා ඒ නිර්මාණය තුළින් ශිල්පියා ආරක්ෂා කරපුවාම ඒ ශිල්පියාගේ හැදියාව තමයි මූලික දේ. මොකද ගීතයක් එළිදැක්කාම ඒ ගීතයේ තියෙන වටිනාකම රසිකයා තේරුම් අරගෙන ඒක ෂෝක් සින්දුව, ඒක මරු නැගලා යනවා, මේක සමාජයට හොදයි කියලා තේරුම් ගත්තට පස්සේ තමයි හොයන්නේ මේ ශිල්පියාගේ හැසිරීම කෙහොම ද?, මෙයාගේ මනුෂත්වය කොහොම ද?, මෙයා ජීවත්වෙන ක‍්‍රමේ මොකක් ද? කියලා. ඒ දේවල්වල පොඩි අවුලක් තිබ්බොත් රසිකයා විවේචනය කරන්න ගන්නවා. ඒ විවේචන පිළිගන්න ගන්න
ඕන. ඒ විවේචන ඇතුලේ තමන්ට ගත යුතු දෙයක් තියෙනවනම් ඒ දේ හදාගෙන ඒ හැම දේටම ගෞරව කරගෙන කලා ශිල්පියෙක් හැටියට ඉදිරියට යන්න පුළුවන්.
ඒවා පිළිගන්නේ නැතුව ඉදිරියට ගියොත් මේ ගමන යන්න අමාරුයි. ඒ නිසා ජනතාව දීපු පිළිගැනීම උඩ ඒ පිළිගැනීම කැලැල් නොකර තියාගන්න තාමත් උත්සහ කරමින් ඉන්නවා.
දැන් තියෙන නිර්මාණ දිහා බැලූවාම හැමදේම හොදයි කියලා කියන්නත් බෑ නරකයි කියලා කියන්නත් බෑ. නරකනම් අපි ඒ දේ අයින් කරනවා. කුණු මාළු කෑල්ලක් තිබ්බොත් අපි කන්නේ නෑනේ, ඒක්කෝ හොද මාළු කෑල්ලක් ගන්නවා නැත්තම් වෙන මාළු කෑල්ලක් ගන්නවා. ඒ නිසා නරක දේ අයින් කරලා හොද දේ ගන්න අපි දැන ගන්න
ඕන. ඒ වගේම නරක දේ එළියට නොඑන්න දැනුවත් කටියදැ දැන ගන්න
ඕන. ඒ නරක දේ කරන්න පෙළඹෙන අයගේ තුවාලවලට බෙහෙත් දාන්න
ඕන මුලටයි. තුවාලේ වුණාට පස්සේ බෙහෙත් දීලා වැඩක් නෑ. මේ නරකයි හො`දයි කියන හැම කෙනෙක්ම ස.රි.ග.ම.ප.ද.නි.ස සප්ත ස්වරය පාවිච්චි කරලා කියන්නේ. වෙන ඒවා පාවිච්චි කරලා කියන්නේ නෑ. මේ හැමෝම එක ගෙදර ඉන්න විවිධ සහෝදරයන් සෙට් එකක් වගේ. ඒ නිසා එක අම්මගේ දරුවෝ ස.රි.ග.ම.ප.ද.නි.ස තුළ හැසිරෙන්නේ. ඒ නිසා වැඩිහිටියෝ පොඩි අයත් එක්ක තර්ක කරලා කියලා දෙන්න
ඕන ඒ නිර්මාණවල හරි වැරද්ද. ඒ වගේ සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසදුවාම සමාජයට යන්නේ හොද දෙයක්.
No comments:
Post a Comment