Friday, July 22, 2016

සරසවි යුද්ධය


තිස්අවුරුදු යුද්ධය නිමා වී ඇත. නමුත් අලූත් යුද්ධයක් දැන් ආරම්භ වී ඇත. ඒ සරසවි යුද්ධයයි. සරසවිය කාලයෙන් කාලයට අලූත් වෙමින් පවත් මවන සිද්ධියක් බවට පත් වී තිබෙනවා. රටක රටක අනාගතය භාර ගන්න ඉන්න පුරවැසියන් පුහුණු විම් ලබන පූජනීය ස්ථානයක් සරසවිය.නමුත් වර්තමානයේ එය දේශපාලන අතකොළුවක් බවට පත් වෙලා තියෙනවා.

සරසවි මානව මානවිකාවන් කරන්නා වූ මේ අරගලය සාධාරණයද? ඔවුන් මේ සටන් කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික සිහින සැබෑ කරගන්නට නොව රටේ අධ්‍යාපනය රැක ගන්නට සහ එය සුරක්‍ෂිත කර දීමටය. නිදහස් අධ්‍යාපනය සුරැකීම සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය නොකිරීම ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණයි. නමුත් සමාජය ඔවුන් දෙස බලන්නේ ඉතාමත් ජුගුත්සාජනක ආකාරයටය.

පළමු වසරේ සිසුන්ට කලිසම් ඇදගෙන එන්න එපා කිවූ කැලණි සරසවි සිසුන් මාසකට වැඩි කාලයක් හිර කුඩුවේ කූරු අතරින් එළිය බලනවා. යාපනයේ සරසවි සිසුන් ගිලන් ඇදේ ජිවිත සටනක. නීතීය සැමට සාධාරණලූ. ඒත් පාඨලීලට රාපක්‍ෂලාට ඇත්තේ වෙනම නීතියකි.

රටක අධ්‍යාපනය යනු ඒ රටේ ආර්ථිකයේ මෙන්ම සමාජිීය තත්ත්වයන්ගේ එක් සාධනීය මූලයක්. එම මූලය දුර්වල වුවහොත් රාජ්‍ය නැමති ගස ශක්තිමත් වන්නේ නැත. රටේ ඇතිවන පොඩි සිදුවීමක් අලලා එය දඩමීමා කරගෙන තමන්ගේ අරමුණ කරා මෙහෙයවන්නන් කොතෙකුත් සිටී. නමුත් රටක අධ්‍යාපනය මේ තත්ත්වයට පත් වීම කොතරම් සෝචනීය අවස්ථාවක් ද?

ආසන්නම සිදුවීම ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ සිදුවිම ගතහොත් වැලලීගිය අතීතයක් යලි ගොඩ ගන්නට උත්සහ කරනවා වැනිය. තමන්ගේ පටු දේශපැලන අරමුණු වෙනුවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට වෙර දරන ආකාරයක් දක්නට ලැබෙනවා. සමහර අවස්ථාවක ගැටුම ඇති වූ ශිෂ්‍ය පාර්ශවයන් අතරෙ මෙවැනි හැගිමක් පාවා ඇති නොවෙන්නට ඇත. රටක ප‍්‍රශ්නයක් ඇති වූ විට එහි මූල බීජයන් සොයා ප‍්‍රතිකාර කරනවා වෙනුවට ඔවුන් කරන්නේ එය තව තවත් රස කර කර කෑමය.

සරසවි සිසුන් යනු ඉතාමත් කලහකාරී අරගලකාරී තරුණ කණ්ඩායමකි. ඔවුන් සිතන්නේ තමන්ගේ සහ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් කුමන ආණ්ඩුවක් වුවද ඉටු කරදිය යුතු බවයි. එය සාමාන්‍ය දෙයකි. අඩන්න  ඕනේ කිරි එරෙන්න. සිසුන් මේ ආකාරයට අරගල සිදු කලේ නැත්නම් අද පවතින අධ්‍යාපන රටාවවත් ඉතිරි වී නැත.


සරසවි ප‍්‍රශ්න දෙස ඉතා මානූශීයව සහ සාධාරණය බැලිය යුතුය. මේ සිටින්නේ අපේ රටේ අනාගතයයි. එම නිසා ඔවුන්ට සාධාරණයක් ඉටු කරදීම කොයි කාගෙත් වගකීමක් මෙන්ම ඉටුකළ යුතු යුතුකමකි.

No comments:

Post a Comment