සිංහල දමිළ අලූත් අවුරුද්ද එළඹිමට
ඇත්තේ තව නොබෝ දිනයකි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වන අවස්ථාව
සම්බන්ධ කොටගෙන සිංහල, දෙමළ ජනතාව ඊට ආවේණික චාරිත‍්‍ර වාරිත‍්‍ර,
සිරිත්
විරිත් අනුගමනය කරමින් අලූත් අවුරුද්ද සමරනු ලබනවා. මේ දිනවල අවුරුද්ද සමරන සිංහල දමිළ ජනතාව අවුරුදු
සැමරිම සදහා යුහුසුලූව සූදානම් වන ආකාරයක් දැකගත හැකියි.
නමුත් ප‍්‍රශ්නය වන්නේ අද අලූත්
අවුරුද්ද සමරන ලක් වැසියන් සැබෑ ලෙසටම
අවුරුද්ද සමරනවාද යන්නය. මන්ද වර්තමානයේ බල තණ්හාව හා මුදල් පිසාව නිසා මිනිසුන්
කාර්ය බහුල වෙලා. තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සු යන්ත‍්‍ර බවට වෙලා. අලූත්
අවුරුද්දක් කියා දවසක් පැමිණෙන බැවින් එයට කෙසේ හෝ සූදානම් වනවා විනා එහි සෑබැ අරුත
විදින්නට ඔවුන් පොහොසත් නැත. අතීතයේ විදි අවුරුදු අත්දැකිම් විදිමට ඔවුන් කිසිසේතම සූදානම් නැත. අලූත් අවුරුද්ද අවුරුද්දේ තවත් එක් දවසක් බවට පත්වෙලා.
අවුරුද්දක් ගෙවී නව අවුරුද්දක් ලබන දවස
මුළු ගමම එළිය කරනවා. ඔවුන් ඒ සදහා සූදානම් වන්නේ මාසයකටත් පෙරාතුවය. අස්වනු නෙලා
ඉන් ලබා ගන්නා අස්වැන්නෙන් ඔවුන් චාමේට හෝ අවුරුද්ද සමරනු ලබනවා. ගමේ ගෑණු උදවිය
එකතු වෙලා අතිරස, ආස්මී,කොකිස් වැනි රසකැවිලි බදින අතර ගමේ
කොල්ලෝ කුරුට්ටෝ රතිඤ්ඤා පත්තු කරන්නේ තරගයට වගේ. අවුරුද්ද උදා වූ පසු වැඩිහිටියන්
වැද නමස්කාර කර පුන්‍ය කාලයේදි ගමේ පන්සලට එකතු වී බුදුන් වැද ආශිර්වාද ලබා ගන්නේ
උදා වූ නව වසර අස්වනු සරු වී අටු කොටු පිරී සෞභාග්‍යමත් නව වසරක් උදා වේවා යන
සිතුවිල්ල පෙර දැරි කොටගෙනය. නිවසේ මූලික නැකැත් ඉටු කරනු ලබන්නේ ගෘහ මූලිකයා
විසිනි. අනතුරුව ගමේ සියල්ලම ගම් මුලෑදෑනි මහතාගේ නිවසට එකතු වී දවල් ආහාරය පිස
අනුභව කරනු ලබයි. ගමේ ගැහැණු උදවිය ආහාර පිළියෙල කරනතුරු ගමේ කුඩා ළමුන් පිරිස ඹංචිල් පැදීම, පංච ඇදීම,
චක්ගුඩු
පැනීම හා හැංගි මුත්තෝ සෙල්ලම් කිරීම ආදී ජන ක‍්‍රීඩා රැසක් සිදු කරනු ලබනවා.
පිරිමි පාර්ශවය කාටත් හොරෙන් සුදූ කෙලියේ නිරත වීම සුලභ දසුනකි. අලූත් අවුරුද්ද සදහා
සාදනු ලැබූ රසකැවිලි හා කිරිබත් අසල්වැසියන් සමග බෙදා හදාගෙන කෑම සිංහල අපේ සිරිතය.
නොගතය කාලවෙලාවේදී අසල්වැසියන්ගේ නිවස්වලට ගොස් තම කැවිලි බෙදා දිම සිදු කරනු
ලබනවා.
නමුත් වර්තමානයේදි තත්ත්වය ඉතාමත්
ඛේදජකය. සමහර අවස්ථාවන් වලදී අවුරුද්ද සමරන්නට ගෙදර ස්වාමි පුරුෂයා හෝ දරුවන් නැත.
ඔවුන් අවුරුදු සමරන්නේ තම සේවා ස්ථානයේදීය. ඒ වැඩිපුර බෝනස් මුදලක් ලබා ගැනීම විනා
අන් කිසිදු කරුණක් නිසා නොවේ. අවුරුදු මේසේ සරසා තිබෙන්නේ කඩචෝරු වලින්ය. අවුරුදු
චාරිත‍්‍ර වලින් සමහර අවස්ථාවල දී ලිප ගිනි මෙලවීම පමණක් සිදු කරනු ලබනවා. එයද
සිදු කරනු ලබන්නේ නොකර බැරි චාරිත‍්‍රයක් නිසාය. අවුරුද්දට නෑදෑ මිතුරන්ට සුභ පතන්නේ
සමාජ ජාලා මගින් හෝ කෙටි පණිවිඩ මගින්ය. අසල්වැසියා සමග හෝ කිසිදු ගණුදෙනුවක් නැත.
වර්තමාන ළමුන් අවුරුදු ජන ක‍්‍රිඩා දන්නේ නැත. ඔවුන් පුරුදු වි සිටින්නේ පරිගණකයේ
ක‍්‍රිඩා කිරීමටය. අවුරුද්ද දිනය නිමා විමෙන් අනතුරුව තමන්ගේ සුපුරුදු දින චර්යාව
නැවත ආරම්භ කරනු ලබනවා. උදේ රැකියාව සදහා නිවසින් පිටත්ව යන පුද්ගලයා නැවත නිවසට
පැමිණෙන්නේ රාත‍්‍රියේ දීය. නැවත පසු දින උදේම රැකියාවට පිටත් වේ.
තත්ත්වය මෙසේ පැවතුනහොත් සිංහල හින්දු
අලූත් අවුරුද්දේ මළගම සනිටුහන් කිරිම ඇත්තේ තව නොබෝ දිනයකි.තවත් වසර දහයක් පමණ
නික්මුණ පසුව සැමරීමට සිංහල හිනදු අලූත් අවුරුද්දක් ඉතිරි වන්නේ නැත. අවුරුදු
සිරිත් විරිත් හා ජන ක‍්‍රිඩා අභාවයට යනු ඇත. සැබැවින්ම මෙයට වගකිව යුත්තේ කවුරුන්
ද?