Thursday, August 4, 2016

සිදුහත් ගියේ ආයේ නොඑන්නම.....

මණිමේඛලාවන් පැලැන්දුවේ
නැතිවුණත්
කන්නගිට සැනසීමක් තිබුණා
කෝවලන් තමන්ගේ
පතිදම පිළිගත්ත නිසා....
යශෝධරාට මොන සැනසීමක් ද?
සිදුහත් ගියේ
ආයේ නොඑන්නම.....

අපි කවුරුත් රහත් වෙලා නෑ

පහුගිය කාලේ අපේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තමන්ගේ පැවිදි දිවියේ උත්තරීතර පදවියක් වුණ උපසම්පදා බිමට පත්වුණා. අපේ පන්සලේත් භික්‍ෂූන් වහන්සේලා තුන් නමක් උපසම්පදා බිමට පත් වුණා. උන්වහන්සේලා පන්සලට වැඩම කරන ආරංචිය ඇහිලා ගමේ අපි පුලු පුලුවන් විදියට දානේ පිලියෙල කරලා උන්වහන්සේලා පිළිගැන්වුවා.

උන්වහන්සේලා දානේ බලා ගත්තට පස්සේ උපසම්පදාවුණ භික්‍ෂූන් වහන්සේ නමක් දානේ පිලියෙළ කරපු උපාසක උපාසිකාවන්ට පින් අනුමෝදම් කලා. උන් වහන්සේ තමන් පැවදි බිමට පන්සලට ආව විදිය ලොකු හාමුදුරුවන් හෙවනේ හැදී වැඩුණ හැටි විස්තර කළා. 
අපි වාහනෙන් බැහැලා ලොකු හාමුදුරුවන්ගේ දෙපා නමදින විට වෙනදා ලොකු හාමුදුරුවෝ කියන ආශිර්වාද වාක්‍ය වෙනුවට අපට ලැබුනේ උන්වහන්සේගේ සතුටු කදුලු,  අපි උස් මහත්වෙලා රටේ හොද මිනිස්සු බවට පත්වෙන කොට අපේ අම්මලා අප්පච්චිලා සතුටු වෙනවා වගේම අපේ ලොකු හුමුදුරුවොත් හදවතින්ම සතුටු වුණා. අපේ අතින් වැරදි වෙන්න ඇති ඒ හැමදේමට සමාව අයදිනවා ලොකු හාමුදුරුවනේ...
මම හිමීට ලොකු හාමුදුරුවන්ගේ මූණ බැලුවා ලොකු හාමුදුරුවෝ වටාපතින් මූණ වහගෙන කදුලු හංහාගන්න හදනවා.මුලු බණ මඩුවෙම හීනි ඉකිබිදුම් සද්දේ ඇහෙනවා. අපි හිතනවට වඩා මේ ලොකේ බැදීම් හරිම ශක්තිමත්. පැවිදි සමාජයේ උනත් මේ දේ තියෙනවා. සියලු බැදීම්වලින් ඈත් වෙන්න උන්වහන්සේලා මග කියලා දෙනවා. ඒත් අපි කව්රුත් සෝවාන් අරහත් ඵලවලට පැමිණිලා නෑ. ලොකු හාමුදරුවන්ගේ ඇස්වලින් වැටුණු කදුලු ඒ දේ සනාථ කරනවා. මේ ලොකේ රදා පවතින්නේ ඒ වගේ බැදීම් නිසා කියලයි මමනම් හිතන්නේ. බෞද්ධයෝ නොවන අය මේ කාරණේ වෙනත් විදියකට බලන්න පුලුවන් ඒත් මේ වගේ සංවේදී කාරණාත් අපේ සමාජය ඇතුලේ තියෙනවා.

Wednesday, August 3, 2016

ඇත්තටම මොනවද ලිව්වේ.....


පොතක් ගත්තා ලස්සනට 
හැඩ කරන්න
ලිව්වා පොත පිරෙන්න.....
ආපහු පොත පෙරලද්දි 
මුලු පොතම හිස්....
ඇත්තටම මොනවද
ලිව්වේ....