විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ
කාන්තාවද මිනිසා තරම්ම ඥාණවන්තවූද සකලවිද දක්ෂතාවලින් පරිපූර්ණ වූවා පමණක් නොව
පිරිමියාට සමාන ශක්ති සම්පන්න විය.
සමාජ ආකල්ප සසඳා
බැලීමේදී අතීතයේ පටන්ම කාන්තාව සැලකුවේ බයාදු චරිතයක් ලෙසය. තවද සමාජයේ පිළිගත්
කිසිදු කටයුත්තක් සඳහා ස්ත්‍රිය සම්බන්ධ කර නොගතයුතු යන ආකල්පයද විය. ස්ත්‍රිය
වනාහී පිරිමියා යටතේම යැපිය යුතුය යන්න ද සමාජයේ පිළිගත් මතයකි. දියණියක් ලෙස තම
පියාගේ රැකවරණය යටතේද, බිරිදක් ලෙස තම සැමියාගේ රැකවරණය යටතේද, මවක් ලෙස තම
දරුවන්ගේ රැකවරණය යටතේද සිටිය යුතු බව මතයක් පැවතිණි. නමුත් වර්තමාන කාන්තාව
පිළිබඳ විමසා බැලීමේදී මේ තත්ත්වය වෙනස්ය. වර්තමාන කාන්තාව තම සාම්ප්‍රධායික
කාන්තා චරිතයට සමුදෙමින් පිරිමියාට සම මට්ටමක උරෙන් උර ගැටෙමින් ජීවන තරගයේ
නියැලීමෙන් සිටී. පිරිමීන්ට පමණක් සීමා වූ ජීවන වෘත්තීන්හි නියැලෙමින් දැනුමෙන් හා සමාජ
මට්ටමින් පිරිමියාට සම තැනක් දරා සිටී. රටේ ශ්‍රම බලකාය පිළිබඳ විමසා බැලීමේදී ද
වැඩි දායකත්වයක් සපයනු ලබන්නේ කාන්තා පාර්ශවයයි.
සාම්ප්‍රධායික
සමාජ ආකල්ප තුල ගැහැණියටම වෙන් වූ සමාජ කාර්යයන්ද නොපිරිහෙලා ඉටු කරමින් දියණියක්, බිරිඳකa, මවක් ලෙස තම
පවුල් තුල මෙන්ම ඉන් පරිභාහිරවද සිය පවුලට ප්‍රබල ශක්තියක් වන තැනැත්තියක් ලෙස
කාන්තාව හැඳින්විය හැකිය. එසේම ඒ සෑම කර්තව්‍යක්ම නිසි කළමණාකාරිත්වයෙන් යුතුව
ලොවක් දිනනා එකම තැනැත්තිය වන්නේ කාන්තාවමය. ලොවේ උත්තරීතර වූ මව් පදවිය ලබමින් තම
දරුවන්ට අලූත් ලොවක් තනන්නේ ඇයයි.
20වන දශකයේ කාන්තාව
පියනගන්නේ සංවර්ධන දශකයන් වෙතය. එබැවින් කාන්තාව සුරක්ෂිත කිරීම හා ඇගයීම සඳහා
සමාජ මට්ටමෙන් මෙන්ම රාජ්‍ය මට්ටමින්ද සංවිධානය විය යුතුය.
පවුල් සංස්ථාව
තුළ බිරිඳක් ලෙස කාන්තාව තමා සතු සියළු
යුතුකම් නොපිරිහෙලා ඉටු කළ ද ඇයට හිමිවිය යුතු යුතුකම් පිළිබඳ සමාජය තුල ප්‍රශ්ණාර්ථයක්
පවති. පුරුෂයාගේ අනේක විධ පිඩාවන් මැද ජීවිකාව ගෙන යන කාන්තාවන් පිළිබඳ කොතෙකුත්
අසන්නට දකින්නට ලැබේ. ගෙදර බුදුන් අම්මා ලෙස නෙයෙතුත් විරුදාවලියන් ලබමින් එදා සිට
මේ දක්වා මේ ඇගේ අභිමානය, ගෞරවය රැදී තිබේ. නමුත් වර්තමාන සමාජයේ
ඒ පිළිබඳ විමසා බැලිමේදි හුදු ආභරණයක් බවට පමණක් පත් වී තිබේ. කාන්තාව සමාජයේ
කොතරම් ඉහළ තලයකට පත්වුවද අපට දැකගත හැකිකේ කාන්තාව තමවත් තම පවුලේ මෙන්ම සමාජයේ
බර තම හිස මත පටවා සිටින වහලියක් ලෙසය. අධ්‍යාපන හෝ වෙනත් සමාජ මට්ටමකින් ඇය ඉහළ
සම්මාන හිමි කරගෙන සිටියද ඇයට තවමත් සාම්ප්‍රධායික කාන්තා චරියතයට පනපොවන්නියක්
බවට පත් වි තිබේ. මේ සඳහා වගකිවයුතු ප්‍රධාන පාර්ශවයන් වන්නේ අප සමාජයමය.
තමානයේ ස්ත්‍රිය
කේන්ද්‍රකර ගනිමින් බොහෝ නිර්මාණ බිහිවුවද මේ තුලින් සැබෑ ස්තී්රත්වය නිරූපණය
වන්නේ නැත. සමාජයේ දුක් විදින අඹු සැමි සබඳතා අඩු විම හා ඒ තුලින් පැන නගින්නා වූ
ගැටලූ සංකීර්ණ වීම, පවුල් ආරවුල්
අනියම් සබඳතා යනාදී අවස්ා නිරූපණය කරනු ලබයි. අද සමාජයේ බොහෝ කාන්තාවන්ට මුහුණ දෙන
ප්‍රධාන ප්රචණ්ඩ ක්‍රියාවක් වන්නේ කාන්තා හිංසනයයි. මේ අපරාධ රැල්ල සඳහා
මූලිකවම වගකිවයුතු වන්නේ පිරිමියය.ඒත් සමාජයේ ඇගිල්ල දික් වී තිබෙන්නේ කාන්තාව
දෙසය. නිතැතින්ම පිරිමියා පමණක් නිර්දෝෂි වන අතර ඔහු පමණක් සමාජය තුලින් ඇගයීමට
ලක් කරනු ලබයි.
කාන්තාව දියණියක්, බිරිඳක්, මවක් ලෙස ලෝකයක්
තැනැන්නේ ඇයගේ අතින්ය. පිතෘ මූලික සමාජයක වුවද ඇයගේ කාර්යය භාර්යය අතිමහත්ය. පවුලට
සෞභාග්‍යක් වන ඇය මුළු මහත් ලෝකයටම සෞභග්යකි. එම නිසා සැබවින්ම ඇය අගය කළ යුතුය.
කාන්තාවට ඇයගේ ස්ථානය හිමිකර දිය යුතුය. දියණියක්, බිරිදක්, මවක් ලෙස දොලනය
වන කාන්තාවට ඇයගේ නිසි ස්ථානය ලබා දිය යුතුය. කාන්තාවගේ ඉදිරි පැවැත්ම සෑම දෙනාගේම
අවධානයට ලක්විය යුතුය. ලොවක් තනන්නී ඇයයි.එබැවින් කාන්තාව සමාජයේ ඇගයීමකට ලක්විය
යුතුය.
අද කාලේ කාන්තාවොවත් කාන්තාව වෙනුවෙන් කතා නොකරන එකේ
ReplyDeleteඔයා කරලා තියෙන්නේ ලොකු දෙයක්
අද සමාජය කාන්තාව කිසිම දිනක ඇගයීමකට ලක්වෙන්නේ නෑ. කාන්තා දිනයත් ඒ දවසටම විතරක් සීමා වෙලා.
Deleteස්ත්‍රිය සමාජයේ තවත් එක් භාණ්ඩයක් විතරක් වෙලා
ReplyDelete