ඇසිදිසි මාධ්‍යක්
ලෙස රූපවාහිනිය අත්පත් කරගෙන තිබෙන්නේ සුවිශේෂි ස්ථානයකි. එහි විකාශනය වන වැඩසටහන්
අතරින් ටෙලිනාට්‍ය අත්පත් කරගෙන තිබේන්නේ ප්රමුඛ ස්ථනයකි. ටෙලි විකාශනයන් අතරින්
බොහෝ පේ්රක්ෂක පිරිසක් රුදී සිටින්නේ ටෙලිනාට්‍ය අඩ පැය වෙනුවෙනි. මෙසේ විශාල
පේරක්ෂක පිරිසකගේ රසභාවයට ලක් වූ ටෙලි නාට්‍ය අනිවාර්යෙන්ම පේ්රක්ෂක රසභාවය හා
කලාත්මක වින්දනය පෝෂණය කළ යුතුය. අරුත් සුන් බොඳළ ටෙලිනාට්‍ය මගින්
සිදුවන්නේ පේ්රක්ෂක රසභාවය මොට කරමින් ඔවුන් යථාර්තයෙන් ඔබ්බට වූ සිහින ලෝකයන්
වෙත ගෙන යාමයි.
රූපවාහිනිය
බිහි වූ මුල් අවධීයේ රූපවාහිනී නාලිකා විශාල ප්‍රමාණයක් තිබුණේ නැත. ස්වාධින
රූපවාහිනිය, ජාතික
රූපවාහිනිය මෙන්ම ස්වර්ණවාහිනිය පමණක් තිබිණ. ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය වූයේ ඞී.බී
නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ දිමුතු මුතු ටෙලිනාට්‍යයි. ඉන් අනතුරුව පිළිවෙලින් පළිගු
මැණිකේ, කන්දේ ගෙදර,දූ දරුවෝ වෙඳ හාමිනේ, යශෝරාවය, අඹයාළුවෝ වැනි
ටෙලි නාට්‍යයන් පේ්රක්ෂකයන් බොහෝ දෙනෙක් ආදරෙන් වැළද ගන්නා ලදී. මෙලෙස බිහි වූ
සිංහල නට්‍ය කලාවට කණ කොකා හැඩුවේ ඉන්දිය ටෙලි නාට්‍ය ආගමනයත් සමඟය. ප්‍රවිනා, වසූදා, චිත්තිගෙන්
ආරම්භ වුණ ඉන්දීය ටෙලි රැල්ල වර්තමානයේ මේ ආදරයයි දක්වා ලාංකීය ටෙලි අඩපැය අතික්‍රමණය
කොට තිබෙනවා.
විවෘත ආර්ථික
රාමුව තුළ විවිධ ජීවන වෘත්තීන් වල නිරත
වෙමින් සිටින අයත්, තම දරුවන්ගේ
සහ නිවසේ රාජකාරි වල නිරත වෙමින් සිටින කාන්තාවටත් විවවේකයක් ලැබෙන්නේ රාත්‍රී
කාලයේදීය. මොවුන් මෙම විවේක කාලයේදී රූප පෙට්ටිය වඩා පොදි බදින්නේ ලඳ ස්වල්ප මොහොතේ වුවද
රස වින්දනයක් ලැබීටය. නමුත් මෙම ඉන්දීය ටෙලි රැල්ල මෙන්ම ලාංකීය මෙගා ටෙලි රැල්ල
මගින් පේ්රක්ෂකයා යථාර්ථයෙන් ඔබ්බට වූ වෙනස්ම මනෝ රජ්‍යයක් වෙත ගෙන යනු ලබයි. මේ
සෑම ටෙලියක්ම විකාශනය වන්නේ එකම රාමුවක් තුළය. එහිදී කාන්තාව ප්‍රධානය චරිතය කොට
ඇය කතාව පුරාම වීරවර්යක් ලෙස ඔසවා තබනු ලබයි.සැබෑ ලෝකයේ සැමාන්‍ය කාන්තාවකට දැරිය
කොහැකි අභියෝග, චිත්ත පීඩාවන්
මේ කාන්තාවන් දරා සිටී. හැමදාමත් එකම තැන පල්වන ටෙලිය අතුරු කතා තුළින් ඉදිරියට
ගෙන යනු ලබයි. මෙම ටෙලි නාට්‍ය වල සිටින කාන්තාවන් කෙදිනකවත් වයසට යන්නේ නැත වෙනස්
වන්නේ ඔවුන්ගේ කොන්ඩා මෝස්තරය පමණ. එසේම නිවසට පැළද සිටින්නේද ඔප දැමූ සපත්තුය.
වර්ණවත් ඇඳුම් ආයිත්තම්
වලින් සැරසී සිටී.මේ සෑම ටෙලි නාට්‍යයක් තුළින්ම මධ්‍යම පාන්තික සමාජයක් පෙන්නුම්
කරනු ලබන අතර සාමාන්‍ය ජනයන් එහි නොමැත. සැබවින්ම මෙය මනෝරාජිකය. මෙය නරඹන ලාංකීය
පේ්රක්ෂකයා ද මෙලස මවා දෙන ලෝකයන් වල ජීවත් වේ. ටෙලි නාට්‍ය තුළ ප්‍රධාන චරිතයේ
සිහින තුළ ජීවත් වේ.
ලාංකීය සිතුම්
පැතුම්, සංස්කෘතීන්
මුහු කරමින් ජාතික අනන්‍යතාවයන් විදහා පාන්නට නිර්මාණ කරනු ලැබූ ටෙලි නිර්මාණයන්
අද ඇත්තේ අතලොස්සක් පමණි. ඒම අතලොස්සක් වූ ටෙලි නිරිමාණයන් ද නරඹනු ලබන්නේ සීමිත ප්රමාණයකි.
මෙය ලාංකීය ටෙලි නාට්‍ය කාලවේ මහත් ඛේදවාචකයකි. මේ තුලින් දක්ෂ තිර පිටපත්
ශීලපීන්ට මෙන්ම ලාංකීය නළු නිලියන්ටද තම පැවැත්ම පිළිබඳව පවතින්නේ ප්‍රෙහෙලිකාවකි.
මේ තත්ත්වය දිගටම පැවතිය හොත් ලාංකීය ටෙලි කාලාව නැත්තමට නැති වී යයි.
පේ්රක්ෂක රස
භාවයන් අමතක කොට ලාභ පරමාර්ථයන් වෙනුවෙන් පමණක් මෙම මෙගා ටෙලි නාට්‍ය නිශ්පාදනය
කරනු ලබයි. අඩු මුදලකට ගෙන්වනු ලබන මෙම ටෙලිනාට්‍ය තුලින් දේශිය ටෙලි කාර්මාන්තයට
ද එල්ල වන්නේ මරු පහරකි. පේ්රක්ෂකයන් විශාල පිරිස් රැදී සිටින්නේ ඉන්දීය ටෙලි රැල්ල
වටාය එබැවින් වෙළඳ දැන්වීම්
අනුග්‍රාහකත්වය නොමඳව මේ සඳහා නොමඳව ලැබේ.
වර්තමානයේ හතු
පිපෙනවා මෙන් රූපවාහිනී නාලිකා බිහි වේ.
මෙම රූපවැහිනී නාලිකා වල බිහිවන ටෙලි නාට්‍ය ඇතුළුව වැඩසටහන් රාශියක් විකාශනය වේ. මේ වැඩටහන් අතරින් තමාට සුදුසු
වැඩසටහන් තොරා බේරාගෙන නැරඹීමේ අයිතිය පේ්රක්ෂකයාට නැති කොට තිබේ. අසවල් ටෙලි
නාට්‍ය නැරඹිය යුතු යැයි විධානයක් පේ්රක්ෂකයාට නොලැබිය යුතුය. අදාළ නාලිකාවේ
ටෙලි නාට්‍ය පෙළ එක දිගට නැරඹීම තුළින් මුදල් ලබා දීමක් සිදු කරනු ලබයි.
”............. බැලූවොත් සල්ලි තමයි” යනුවෙන් සල්ලි ලබා දීමේ වැඩසටසටහන් තුළින් පේ්රක්ෂකයා
නතු කරගෙන තිබේ.
තත්ත්වය මෙලෙස
දිගටම පැවැතුණ හොත් ටෙලි කලාව තුලින් දක්ෂ ටෙලි නාට්‍ය නළු නිලියන් වෙනුවට බිහි
වන්නේ 'ඩබිං ඇක්ටස්ලා' පමණි.
හොද නිර්මාණ කියල තියන අතලොස්සත් සම්මානයක් පස්සෙ යන්න හදපුව
ReplyDeleteටෙලි නාට්‍ය කලාව කලාව ඇතුලේ වල බැහැලා, ඔවුන්ට තියෙන්නේ පුහු බලාපොරොත්තු විතරයි
ReplyDelete