Thursday, May 24, 2018

අප්පච්චිලු.......


දන්නවද අයියණ්ඩි
ඉස්තෝප්පුවේ මේසයක් උඩ
තිබුනා අපේ ගෙදරත් 
මේ නමත් එක්ක පින්තූරයක්
කවදාවත් නොආව
එනතුරු තාම මග බලන
ඒ අපේ අප්පච්චිලු
අම්මා තමයි මට එහෙම කිව්වේ..........

Thursday, September 1, 2016

මිත්‍යා විශ්වාසයන්

තාක්ෂණයේ විද්‍යාවත් සමග ඉදිරියට යන ලෝකයේ මිත්‍යා විශ්වාසයන් තවමත් මිනිස් ජිවිත තුලින් වියැකි ගොස් නොමැත.  ඒ අතර දේව විශ්වාසයන් වැදගත් තැනක් ගනී. තමන්ගේ  ගෘහ ජිවිතයට පැමිණෙන පීඩාවන් හමුවේ ඔවුන් සරණ පතන්නේ දෙවියන්ගෙනි. දේශසීමාවන් ඉදිරියේ කුල මල කියා ගන්නා මිනිසුන් දෙවියන් ඉදිරියේ පිහිට පතන්නේ එකම මනුෂ්‍ය කොට්ඨාශයක් වශයෙනි. එසේම දෙවියන් ඉදිරියේ ඔවුන් එකම සංස්කෘතියක් අනුගමනය  කරනු ලබයි.

මිනිසා තාක්ෂණයෙන් ඉදිරියට පැමිණියත් අන්ද විශ්වාසයන් හමුවේ ඔවුන් ඉදිරියට පැමිණ නැත. නොපෙනෙන දෙවියන් ඉදිරියේ ඔවුන් කන්නලවි කරන්නේ 21වන සියවසේ නව මාධ්‍යත් සමග ගණුදෙනුවක යෙදෙමිණි.වැස්සක දී නියගයකදී මිනිසුන් හිරැ සදු වදිනවා. මිනිසුන්ට ඒ මගින් පිහිට නොලැබෙනවාම නොවේ. ඒ විශ්වාසයන් හමුවේ ඔවුන් දෙවියන්ට කන්නලව් කරනවා. එම විශ්වාසයන් ඔවුන්ට විශාල පිහිටක් ලැබෙනවා.

සෑම විශ්වාසයකටම බලපාන්නේ මිනිසසුන්ගේ විශ්වාසයයි. විශ්වාසයෙන් හා භක්තියෙන් දෙවියන් අයැද සිටින විට ඔවුන්ට පිහිට ලැබෙන බව විශ්වාස කරති. අද ෙමන්ම මතුවටත් ෙමම විශ්වායන් මිනිස් ජිවිත තුලින් වියැකී ෙනායනු අත. 




Thursday, August 4, 2016

සිදුහත් ගියේ ආයේ නොඑන්නම.....

මණිමේඛලාවන් පැලැන්දුවේ
නැතිවුණත්
කන්නගිට සැනසීමක් තිබුණා
කෝවලන් තමන්ගේ
පතිදම පිළිගත්ත නිසා....
යශෝධරාට මොන සැනසීමක් ද?
සිදුහත් ගියේ
ආයේ නොඑන්නම.....

අපි කවුරුත් රහත් වෙලා නෑ

පහුගිය කාලේ අපේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තමන්ගේ පැවිදි දිවියේ උත්තරීතර පදවියක් වුණ උපසම්පදා බිමට පත්වුණා. අපේ පන්සලේත් භික්‍ෂූන් වහන්සේලා තුන් නමක් උපසම්පදා බිමට පත් වුණා. උන්වහන්සේලා පන්සලට වැඩම කරන ආරංචිය ඇහිලා ගමේ අපි පුලු පුලුවන් විදියට දානේ පිලියෙල කරලා උන්වහන්සේලා පිළිගැන්වුවා.

උන්වහන්සේලා දානේ බලා ගත්තට පස්සේ උපසම්පදාවුණ භික්‍ෂූන් වහන්සේ නමක් දානේ පිලියෙළ කරපු උපාසක උපාසිකාවන්ට පින් අනුමෝදම් කලා. උන් වහන්සේ තමන් පැවදි බිමට පන්සලට ආව විදිය ලොකු හාමුදුරුවන් හෙවනේ හැදී වැඩුණ හැටි විස්තර කළා. 
අපි වාහනෙන් බැහැලා ලොකු හාමුදුරුවන්ගේ දෙපා නමදින විට වෙනදා ලොකු හාමුදුරුවෝ කියන ආශිර්වාද වාක්‍ය වෙනුවට අපට ලැබුනේ උන්වහන්සේගේ සතුටු කදුලු,  අපි උස් මහත්වෙලා රටේ හොද මිනිස්සු බවට පත්වෙන කොට අපේ අම්මලා අප්පච්චිලා සතුටු වෙනවා වගේම අපේ ලොකු හුමුදුරුවොත් හදවතින්ම සතුටු වුණා. අපේ අතින් වැරදි වෙන්න ඇති ඒ හැමදේමට සමාව අයදිනවා ලොකු හාමුදුරුවනේ...
මම හිමීට ලොකු හාමුදුරුවන්ගේ මූණ බැලුවා ලොකු හාමුදුරුවෝ වටාපතින් මූණ වහගෙන කදුලු හංහාගන්න හදනවා.මුලු බණ මඩුවෙම හීනි ඉකිබිදුම් සද්දේ ඇහෙනවා. අපි හිතනවට වඩා මේ ලොකේ බැදීම් හරිම ශක්තිමත්. පැවිදි සමාජයේ උනත් මේ දේ තියෙනවා. සියලු බැදීම්වලින් ඈත් වෙන්න උන්වහන්සේලා මග කියලා දෙනවා. ඒත් අපි කව්රුත් සෝවාන් අරහත් ඵලවලට පැමිණිලා නෑ. ලොකු හාමුදරුවන්ගේ ඇස්වලින් වැටුණු කදුලු ඒ දේ සනාථ කරනවා. මේ ලොකේ රදා පවතින්නේ ඒ වගේ බැදීම් නිසා කියලයි මමනම් හිතන්නේ. බෞද්ධයෝ නොවන අය මේ කාරණේ වෙනත් විදියකට බලන්න පුලුවන් ඒත් මේ වගේ සංවේදී කාරණාත් අපේ සමාජය ඇතුලේ තියෙනවා.

Wednesday, August 3, 2016

ඇත්තටම මොනවද ලිව්වේ.....


පොතක් ගත්තා ලස්සනට 
හැඩ කරන්න
ලිව්වා පොත පිරෙන්න.....
ආපහු පොත පෙරලද්දි 
මුලු පොතම හිස්....
ඇත්තටම මොනවද
ලිව්වේ....

Sunday, July 31, 2016

සිනමාවට බහුවිධ පේ‍්‍රක්‍ෂක පිරිසක් ද වුවමනාය.....

ස්වභාවික ලෝකයේ යථාරූපි ගුණයෙන් යුතුව පේ‍්‍රක්‍ෂක සිත්සතන්හි විශ්වසනීයත්වයක් ඇතිවන ආකාරයෙන් නිරූපනය කරනු ලබන කලාවක් ලෙස සිනමාව හදුන්වනු ලැබේ. සාහිත්‍ය, සංගීතය, නර්තනය, මූර්ති යනාදී සියලූ කලා මාධ්‍යන්ට වඩා ප‍්‍රබල කලා මාධ්‍යයක් ලෙසද සිනමාව හැදින්විය හැකිය. සන්නිවේදනයේ ප‍්‍රබල මාධ්‍ය භාෂාව වුවත්, භාෂාව නොදත් පුද්ගලයාට රූපය තොරතුරක් ඥානනය කර ගත හැකි බව ලාංකීය සිනමාවේ මහා ප‍්‍රාඥයකු වූ තිස්ස අබේසේකර සූරින් පවසා ඇත. 

‘සිනමාවේ අරමුණ මිනිස් වර්ගයා අතර සහෝදරත්වය තහවුරු කිරීම’ බව ජින් බෙනොයි ලෙවි නැමැති ප‍්‍රංශ විචාරකයා සදහන් කරයි. 

මේ වන විට සිනමාව වසර සියයක් පමණ ඉක්මවූ කලාවක් බවට පත් ව ඇත. සිනමාකරුවාගේ අපේක්‍ෂාව මනුෂත්වය හා මානව සමාජය විනිවිද දැකීමෙන් මානව වර්ගයාගේ ඉරණම හා ගමන පිළිබ`ද ඥාණයක් ලබා දීමයි. පුද්ගල චර්යාව, පුද්ගල මනසේ ගුඩත්වය, ජටිලත්වය මෙන්ම සංස්කෘතික හා මානව සබ`දතාවන් ද ඒවායින් මතුවන ගැටුම්, ඛේදවාචක උසස් සිනමාකරුවකු අපේක්‍ෂා කෙරේ. ඒ නිසාම සිනමාව දේශසිමා, භාෂා සංස්කෘතික හා ආගම් පවුරු යන සියල්ල ඉක්මවා යන බුද්ධිමය ආමන්ත‍්‍රණයක් ලෙස සැලකීම වඩාත් උචිතය. එබැවින් ප‍්‍රතිභාපූර්ණ සිනමාකරුවා ලොව කොතැන හෝ ජීවත්වන මිනිසා ඔහු අයත් සමාජය ඇතුළු නොයෙක් බලවේග ද පේ‍්‍රක්‍ෂකයා අභියසට රැගෙන එයි.

කලා කෘතියකින් මනුෂ්‍යයාට ලැබෙන්නේ උත්තරීතර රසාස්වාදයක් බව පඩුවන් පවසා ඇත. සිනමා කෘතියක් නැරඹීමේ දී එය මතු පිටින් දැකීම හා එය ගැඹුරින් අවබෝධ කර ගැනීම බෙහෙවින් වෙනස් කාරණා දෙකකි. චිත‍්‍රපටිය මතු පිටින් දකිනවාට වඩා අර්ථවත් රසයක් චිත‍්‍රපටිය ගැඹුරින් අවබෝධ කරන්නාට ලැබේ. සිනමාව යනු උසස් කලා නිර්මාණයකි. එම නිසා සිනමාවක් මගින් කියවෙන දේ පේ‍්‍රක්‍ෂකයා ඉදිරියට ගෙන යන කලාවක් ලෙස විචාර කලාව හදුන්වනු ලබයි.

”මිනිසකුගේ පිලිරුවක් අදින්නට, අඹන්නට හෝ වචනවලින් වනන්නට සැරසෙන සියලූ දෙනාට ඒ තැනැත්තා පෙනෙන්නේ එකම අයුරකින් නොවේ. එක් පුද්ගලයකුට ඒ මිනිහාගේ භාහ්‍ය ආකෘතිය පමණක් පෙනෙන අතර තවකෙක් ඒ ආකෘතිය තුළ සැ`ගවී ඇත් ඔහුගේ සිතුම් පැතුම් ආදිය දකී. එහෙයින් මේ දෙවැන්නා දකින මිනිසා පළමු වැන්නාගේ රූපය වැනි නොවේ.” 

ඒ අනුව සිනමා විචාරකයා යනු සිනමා කලාවේ කුදු මහත් හැම අංගයක් පිළිබදව ද මනා අවබෝධයක් සතු අයෙක් විය යුතුය. සිනමාවේ අප දකින රූපයට යටින් තිබෙන බොහෝ දේ විචාරකයාට හසු වෙයි.


නමුත් වර්තමානයේ දී එම විචාර කාලවට අවශ්‍යය පේ‍්‍රක්‍ෂක පිරිසක් නොමැත. සිනමා නිර්මාණ නරඔන්නේද බෙහෝම අල්ප පේ‍්‍රක්‍ෂක පිරිසකි. ලාංකීය පේ‍්‍රක්‍ෂකයන් හුරු වී ඇත්තේ ආටක නාටකවලින් පිරුණු බොල් අදහස් ඇති හාස්‍ය සිනමා නිර්මාණ නිර්මාණ නැරඹීමටය. ඇගේ ඇස අග වැනි සැබෑ ලෝකයේ එක් පැතිකඩක් පෙන්නුම් කරන්නා වූ අවර ගණයේ සිනමා නිර්මාණ දෙස ඔවුන් බලන්නේ තම සංස්කෘතිය තුළ යටපත් කෙරූ දෙයක් බැවිනි. මෙවන් සිනමා නිර්මාණ පිළබද පේ‍්‍රක්‍ෂකයාට රුචියක් ලබා දීමට විචාර කලාව මනා තෝතැන්නකි. එහිදී එක් එක් පුද්ගලයා තමන් දකිනා ඇසින් සිනමා නිර්මාණය කියවා තවකෙක්ට එහි අර්ථය පැහැදිලි කර දෙයි. තවද හොද සිනමා නිර්මාණ කෘති බිහි නොවීමද වර්තමානයේ පවතින ප‍්‍රවනතාවයකි. මෙගින් විචාර කලාව පමණක් නොවේ. සිනමා කර්මාන්තය පවා නොනැසි පවතීයැයි සැකයක් පැන නගී.

නව සාධනීය ක‍්‍රියාකාරකම් සමග ඉදිරියට යන සිනමාවට බහුවිධ පේ‍්‍රක්‍ෂක පිරිසක් ද වුවමනාය. සිනමාවක් මගින් ලැබෙන ජීවිතාවබෝධය පිළිබදව අවධානය යොමු විය යුතුය. එමෙන්ම සාහිත්‍ය, නාට්‍ය සංගීතය වැනි සෙසු කලා මාධ්‍යයවලට මෙන්ම සිනමාවට ද නිශ්චිත පේ‍්‍රක්‍ෂක පිරිසක් අවශ්‍යය. වෙනත්  ඕනෑම මාධ්‍යකට වඩා සිනමාව යනු අධික පිරිවැයක් දැරිය යුතු මාධ්‍යයකි.

Saturday, July 23, 2016

තවම මග බලමි මම ඔබ නොඑන මාවතේ.........


ඉමක් නොපෙනෙන කතරක
දුරක් ගොස් නැවතුනේ කිම්ද
මිරිගුවක සේයාවක් දුටුවනම්
නොයෙම් ඒ ගමන කිසි දිනේ.......

දුටුව නෙත් හමුවුනේ
නැතිනම් එදිනේ
තවම තනිකඩව හිදිමි
මම එතෙරේ......

දුක් සුසුම් පමණක් ඉතිරි කර
නික්ම ගොස් අද දිනේ
තවම මග බලමි මම
ඔබ නොඑන මාවතේ...


Friday, July 22, 2016

සරසවි යුද්ධය


තිස්අවුරුදු යුද්ධය නිමා වී ඇත. නමුත් අලූත් යුද්ධයක් දැන් ආරම්භ වී ඇත. ඒ සරසවි යුද්ධයයි. සරසවිය කාලයෙන් කාලයට අලූත් වෙමින් පවත් මවන සිද්ධියක් බවට පත් වී තිබෙනවා. රටක රටක අනාගතය භාර ගන්න ඉන්න පුරවැසියන් පුහුණු විම් ලබන පූජනීය ස්ථානයක් සරසවිය.නමුත් වර්තමානයේ එය දේශපාලන අතකොළුවක් බවට පත් වෙලා තියෙනවා.

සරසවි මානව මානවිකාවන් කරන්නා වූ මේ අරගලය සාධාරණයද? ඔවුන් මේ සටන් කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික සිහින සැබෑ කරගන්නට නොව රටේ අධ්‍යාපනය රැක ගන්නට සහ එය සුරක්‍ෂිත කර දීමටය. නිදහස් අධ්‍යාපනය සුරැකීම සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය නොකිරීම ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණයි. නමුත් සමාජය ඔවුන් දෙස බලන්නේ ඉතාමත් ජුගුත්සාජනක ආකාරයටය.

පළමු වසරේ සිසුන්ට කලිසම් ඇදගෙන එන්න එපා කිවූ කැලණි සරසවි සිසුන් මාසකට වැඩි කාලයක් හිර කුඩුවේ කූරු අතරින් එළිය බලනවා. යාපනයේ සරසවි සිසුන් ගිලන් ඇදේ ජිවිත සටනක. නීතීය සැමට සාධාරණලූ. ඒත් පාඨලීලට රාපක්‍ෂලාට ඇත්තේ වෙනම නීතියකි.

රටක අධ්‍යාපනය යනු ඒ රටේ ආර්ථිකයේ මෙන්ම සමාජිීය තත්ත්වයන්ගේ එක් සාධනීය මූලයක්. එම මූලය දුර්වල වුවහොත් රාජ්‍ය නැමති ගස ශක්තිමත් වන්නේ නැත. රටේ ඇතිවන පොඩි සිදුවීමක් අලලා එය දඩමීමා කරගෙන තමන්ගේ අරමුණ කරා මෙහෙයවන්නන් කොතෙකුත් සිටී. නමුත් රටක අධ්‍යාපනය මේ තත්ත්වයට පත් වීම කොතරම් සෝචනීය අවස්ථාවක් ද?

ආසන්නම සිදුවීම ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ සිදුවිම ගතහොත් වැලලීගිය අතීතයක් යලි ගොඩ ගන්නට උත්සහ කරනවා වැනිය. තමන්ගේ පටු දේශපැලන අරමුණු වෙනුවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට වෙර දරන ආකාරයක් දක්නට ලැබෙනවා. සමහර අවස්ථාවක ගැටුම ඇති වූ ශිෂ්‍ය පාර්ශවයන් අතරෙ මෙවැනි හැගිමක් පාවා ඇති නොවෙන්නට ඇත. රටක ප‍්‍රශ්නයක් ඇති වූ විට එහි මූල බීජයන් සොයා ප‍්‍රතිකාර කරනවා වෙනුවට ඔවුන් කරන්නේ එය තව තවත් රස කර කර කෑමය.

සරසවි සිසුන් යනු ඉතාමත් කලහකාරී අරගලකාරී තරුණ කණ්ඩායමකි. ඔවුන් සිතන්නේ තමන්ගේ සහ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් කුමන ආණ්ඩුවක් වුවද ඉටු කරදිය යුතු බවයි. එය සාමාන්‍ය දෙයකි. අඩන්න  ඕනේ කිරි එරෙන්න. සිසුන් මේ ආකාරයට අරගල සිදු කලේ නැත්නම් අද පවතින අධ්‍යාපන රටාවවත් ඉතිරි වී නැත.


සරසවි ප‍්‍රශ්න දෙස ඉතා මානූශීයව සහ සාධාරණය බැලිය යුතුය. මේ සිටින්නේ අපේ රටේ අනාගතයයි. එම නිසා ඔවුන්ට සාධාරණයක් ඉටු කරදීම කොයි කාගෙත් වගකීමක් මෙන්ම ඉටුකළ යුතු යුතුකමකි.

Saturday, July 16, 2016

මොහොතක් හිතන්න

අත්වැල් අල්ලන් කැලණි කන්ද නැගපු අපි මේ කැලණි කන්ද බැහැලා යමු’ කැලණියේ සරසවි සිසුන් දකින ලස්සනම හීනයක්. ඒත් ඒ හීනේ හැබෑ වෙන්නේ කීදෙනෙක්ගෙද? ඊට හේතුව මොකක්ද? ප‍්‍රශ්න පත්තරයක්. අපේ ජීවිතේම ප‍්‍රශ්ණ පත්තරයක්. එහෙම එකේ කොහාම උත්තර හොයන්නද? ඒත් අපි හැමෝම කැමතියි ජීවිතේ දක්න හැම හීනයක්ම හැබෑ වෙනවනම්. ජීවිතේ ලොකුම කඩඉම් පහු කරලා තමයි සරසරවියට එන්නේ. ඒත් එතනත් කඩඉමක්. අපිට ලැබෙන දේවල්වලින් සතුටු වෙනවා ඇරෙන්න. ලැබෙන්නේ නැති දේවල් ගැන හිතලා හූල්ලා වැඩක් නෑ. අපි මිරිගුවක් පස්සේ දුවන්නේ මොකටද? ඇයි අපට ඉන්නේ මහ සයුරක්. අපි මිරිගුව පස්සේ දුවලම මහ සයුර පේන්නේ නැතිව යනවා. ඒත් අපේ පහස නිවන්න ඒ මහ සයුර කෙච්චර ආසාවෙන්ද ඉන්නේ. ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම දුන්නේ, ජීවිතේ ජීවත් කරවන්න දිය දෝතක් දුන්නේ ඒ මහ සයුර. ඒත් මහ සයුර ලොකු නිසාම ද කොහොද ඒ සිසිලස දැනෙන්නේ නෑ.

ජීවිතේ ආපස්සට හැරිලා බැලූවොත් ජීවිතේ වරද්ද ගත්ත තැන් ගොඩායි. ඒ අවස්ථාවල අපිට ආගන්තුකයෝ මුණ ගැහුණා ඒ අය ආවා ගියා. අපිව දාලා ගියා ඒත් මේ මහ සයුර අපිව තනි කලේ නෑ. අපිව සැනසුවා අපේ පිපාසය නිමුවා. සරසවි ජීවිතය කියන්නේ මලින් පිරුණු මාවතක් නෙමෙයි. ජීවිතේ ගොඩක් අත්දැකීම්වලට මුහුණ දෙන, ජිවිතේට අත්දැකීම් ලබා ගන්න තැනක්. ඒ කටුක මාවත ජයගත යුතුමයි. ඒත් අපි දුවන්නේ එකම හීනක් පස්සේ ඒ හීනේ සාධාරණ ද? අපිට තියෙන්නේ ඒ හීන විතරද? එත් අර මහ මෙරක් බර උහුලන් ඉන්න මහ සයුර. එක පැත්තකින් සාධාරණයි. මේ අධ්‍යාපන රටාව තුළ කුලූවල් වෙලා තියෙන අපේ මනසට එක් විරාමයක් වෙන්නේ ඒ මිරිගුව. මේක කාටද සාධාරණියකරණය කරන්න පුළුවන්. අනිත් පැත්තේන් ගත්තොත් ඒ මිරිගුව පස්සේ  විතරක් ගියොත් ඉමක් නොපෙනෙන මහ සයුර අපට පේන්නේම නැතිවෙයි.

දහස්වාරයක් ඔය අත අල්ලාගෙන කැලණි කන්ද නගින්න ඇති, ඒත් ජීවිතේ එකම තැන නැවතිලා. හැමදාමත් ජීවිතේට එන ප‍්‍රශ්ණ පත්තරයට උත්තර හොයනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න වෙලාවක් නෑ. ‘ඔයා කෑවද? ඇයි මට කිව්වේ නැත්තේ මම බලන් හිටියා ඔයාගෙන් කෝල් එකක් එනකම්, කාටද ඔච්චරවෙලා කතා කලේ?’ හැමදාමත් එකම ප‍්‍රශ්ණය. ඒත් මොහොතක් හිතුවද? නිමක් නොපෙනෙනෙ මහ සයුර හැමදාමත් සටන් කරන්නේ අපි වෙනුවෙන් බව. එයා එක දවසක් කතා නොකරොත් දුක්වෙන අපි අපේ අනිත් ආදරණීයන් ගැන හිතුවද? ජීවිතේ ආපස්සට හෝ ඉදිරියට බැලූවොත් අපට ඉතිරි වෙන්නේ අපේ මිරිගුව නෙමෙයි. ඉමක් නොපෙනෙන ආදරයක් පුරවාගෙන බලන් ඉන්න මහ සයුර.


Friday, July 8, 2016

නිහාල් නෙල්සන්

මගේ උපන් ගම මොරටුව. ඒදා ඉදන් අදවෙනකම් හැදුනේ වැඩුණේ මොරටුවේ. මගේ අම්මයි තාත්තටයි හිටපු එකම දරුවා මම. නිසාම දෙමාපියන්ගේ නොමද ආදරය ඇතිව හැදුනේ වැඩුණේ. මගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් ජීවතුන් අතර නෑ. තාත්තා හොද ව්‍යාපාරිකයෙක්. අම්මා හො ගුරුවරියක්. තාත්තට වඩා අම්මා තමයි මම අධ්‍යාපනය කටයුතු පැත්තට යොමු කළේ. ජීවිතේ අමතක නොවෙන සිද්ධියක් තමයි හැමදාම සිද්ද වුණේ වැරද්දක් කරොත් ගුටි කනවාමයි. පාඩම් කරේ නැති වුණොත් ගුටි කනවාමයි. තාත්තා ව්‍යාපාරිකයෙක් නිසා නිතර මුණ ගැහුණේ නෑඋදේම ඉස්කොලේ යනවා හවසට තාත්තා එද්දී මම නිදි. හේතුව නිසා ගොඩක් දුරට අම්මා තමයි අධ්‍යාපන කටයුතු හා මාව යොමු කිරීමට ඉදිරිපත් වුණේ. ඉදිරිපත් වීම තුළ ගුටිකාලා බැනුම් අහලා, නිදි මරලා, මහ පාන්දර නැගිටගෙන පාඩම් කළා. වගේම මාව දහම් පාසලකට යොමු කළා, තුලින් සඳහා සාරධර්ම හා හොඳ අධ්‍යාපනයක් ලැබුවා. හොඳට ඉගෙන ගත්තා. පාසල් අධ්‍යාපනයත් ලැබුවා, වගේම සමාජ අධ්‍යාපනයත් ලැබුවා. නිසා අද සමාජයට හා සමාජයෙන් අපට කරදරයක් නැතුව ජීවත් වෙනවා.

මගේ මුල් පාසල නිර්දෝෂි මරියා පාඨශාලව. ඒක තිබුණේ අපේ ගෙවල් ලඟමයි. අද ඒක පර්ශද පාඨශාලාවක්. උසස් අධ්‍යාපනයට මොරටු මහා විද්‍යාලයට ගියා. උසස් අධ්‍යාපනයෙන් අයින් වෙලා ගෙදර ඉන්න කාලේ පාසල් හය හතකටම ගියා. පාසලේදී සිංහල සාහිත්‍ය සංගම්වල සින්දු කියලා එතනින් ළමයිගෙන් ලැබුණ ශක්තිය ලොකු හයියක් වුණා. පාසලේ ඉන්න ළමයි මෙයා තමයි ගායකයා. මෙයාට තමයි සින්දු කියන්න පුළුවන් කියලා ඉදිරිපත් කරන්නේ. ගොල්ලන්ගේ ප‍්‍රතිචාර තමයි මුලින්ම ලැබෙන්නේ. ප‍්‍රතිචාර ලැබුණට පස්සේ තමයි මගේ හිතට වදින්නේ මට සින්දු කියන්න පුළුවන් කියලා. ටික ටික වයසින් වැඩෙන කොට මනසින් පෝෂණය වෙනකොට තම තමන්ගේ ඉලක්කයන් කරා යන්න හිතෙනවා. ඒක සමහරවිට උප්පත්තියෙන් ලැබුණ වාසනාව වෙන්න පුළුවන්. පෙර ආත්මෙක ඉදන් පතාගෙන ආපු දෙයක් වෙන්න පුළුවන්. ඒවා ලැබිලා ඒක මනසට වැටුනාම තමන්ගේ ඉලක්කය කරා යනවා. මම තාමත් මගේ ඉලක්කයට යනවා.

මට ගෙදර ළමයෙක් හැටියට ඉදලා ගෙදරින් පාසලට, පාසලෙන් ගමට, ගමෙන් රටට රටෙන් ලෝකයට යන්න කලා ක්‍ෂෙත‍්‍රයට තමයි උදව් වුණේ. ඒකට හේතුව කලා ශිල්පියෙක් හැටියට පාසල් දරුවන්ගේ පිළිගැනීම හා තල්ලූ කිරීමත් එක්ක තමයි ඉස්සරහට ආවේ පාසල් ශිෂ්‍යයෝ තමයි මගේ මුල්ම රසිකයෝ. පාසලෙන් එළියට ගිහිල්ලා ගමට යනකොට ගමේ රසිකයෝ පාසල් රසිකයොත් එක්ක එකතු වුණා. වගේ ගමෙන් රටට රටෙන් ලෝකයට යනකොට හැමතැනම රසිකයෝ එකතු වෙලා කලා ශිල්පියෙක් හැටියට මාව ස්ථාවට කෙරෙව්වා.
ගමේ සාහිත් සංගම්වල , රටේ තොටේ සින්දු කියාගෙන ඇවිල්ලා 1963 මාර්තු මාසේ 31 වෙනිදා හරියට දවල් 11.20 කරුණාරත්න අබේසේකර සූරීන් මාව ගුවන් විදුලි වැඩසටහනකට කැදෙව්වා. ගුවන් විදුලි වැඩසටහන තුළින් මම රටට හදුන්වලා දුන්නා. ”අද මේ වැඩසටහනින් මල් වෙඩිල්ලක් පත්තු කරනවා. මල් වෙඩිල්ල උඩ ගිහිල්ලා බිමට නොවැටී සදාකාලිකවම ආලෝකය ලෝකයාට සපයන මල්වෙඩිල්ලක් බව සහතිකයිමේ ගායකයා- නිහාල් නෙල්සන්

ලස්සනට පිපුණු වන මල්කියන සින්දුව තමයි මම මුලින්ම ගායනා කලේ. සින්දුව අදටත් රසිකයන් අතර රැදිලා තියෙනවා. එතන තමයි පටන්ගැන්ම, ගුවන් විදුලියෙන් ශිල්පියෙක් හැටියට සමාජයට යන්න. පටන් ගැන්මට අතදීපු අය අතර, මම මුලින් ගමේ මගුල් ගෙදරක දී  සින්දු කියද් දී .ජේ කරීම් කියන මහා සංගීතඥයා තමයි මාව කලා ලෝකයට ඇදගෙන ගියේ. ගිහිල්ලා මාව හදුන්වලා දුන්නා ලංකාවේ විශිෂ්ඨම සංගීතඥයෙක් වගේම විශාල දැනුම් සම්භාරයක් තියෙන ආර්. චන්ද්රසේන කියන මහා සංගීතඥයට මාව හදුන්වලා දුන්නා. ඒතනින් පටන් ගත්ත හදුනාගැනීම් එක්ක මට හැමෝම උදව් කළා.

මගේ කලා ජීවිතය ආරම්භ කරේ එඞී ජයමාන්න සහ රුක්මණී දේවීයත් එක්ක. දෙන්නත් එක්ක තමයි සංගීත සංදර්ශන සදහා සහභාගී වෙන්න පටන් ගත්තේ. සී.ටී ප‍්‍රනාන්දු මහත්තයා, මොහිදින් බෙග් මහත්තයත් හිටියා. මේ කට්ටි තමයි මම පුංචි ළමයා කාලේ මුලින්ම මගේ වැඩිහිටියෝ සහ ප‍්‍රවීනයෝ හැටියට මාත් එක්ක ඇසුරු කලේ. ආපු ගමන අද වෙනකම් රසිකයන්ගේ ආදරය දිනාගෙන රසිකයන්ගේ රසිකත්වය තූළින් ආරක්ෂා වෙලා ඉන්න ලැබිලා තියෙනවා. ඒක ලොකු භාග්‍යක්. ඒක නිසා මම කවදත් රසිකයන්ට ආදරෙයි. රසිකයන් මට ආදරෙයි. මාධ්‍යත් මට ආදරෙයි මාත් මාධ්‍යට ආදරෙයි. ඔවුනොවුන් සුහදව මේ තාක් කාලයක් එනවා. හැකිතාක් කල් ඉදිරියටත් යනවා.

කටු කන්නේ නැතිව මස් කන්න බෑනේ. කටු තමයි කාටත් ඉස්සරලා හම්බවෙන්නේ. සුළු දෙයින් මහා දේකට යනවා මිසක් කවදාවත් මහා දෙයින් එකපාරට ආවොත් හරි අමාරුයි රැදෙන්න. තමන් දැනගන්න  ඕන මුලින්ම තමන් යන්නේ කොහාටද කියලා ඉලක්කයක් තියා ගන්න. ඉලක්කය කරායන කොට තමන්ට විදවන්න තියෙන හැමදෙයක්ම විදවන්න  ඕන. විදවපු තරමට තමයි විදින්න ලැබෙන්නේ. තමන් ඉලක්කය කරා යන ගමන පස්සට යන්නේ නැතුව බාධක බිදගෙන කොහොමහරි ඉදිරියට යන්න තමන්ගේ නිර්මාණ ශක්තිය තමන්ගේ හැකියාව, හැදියාව හැම දෙයක්ම මුල් කරගෙන ජනතාව අතරට ගියාම, කලා ශිල්පියා රැදිලා ඉන්නවා. ඉලක්කය කරා යන්න රසිකයෝ මට විශාල සහයෝගයක් දුන්නා. හැමවෙලේම රසිකයාට යම් කිසි නිර්මාණයක් ඉදිරිපත් කරපුවාම නිර්මාණයට රසිකයා ආදරය කරලා නිර්මාණය තුළින් ශිල්පියා ආරක්ෂා කරපුවාම ශිල්පියාගේ හැදියාව තමයි මූලික දේ. මොකද ගීතයක් එළිදැක්කාම ගීතයේ තියෙන වටිනාකම රසිකයා තේරුම් අරගෙන ඒක ෂෝක් සින්දුව, ඒක මරු නැගලා යනවා, මේක සමාජයට හොදයි කියලා තේරුම් ගත්තට පස්සේ තමයි හොයන්නේ මේ ශිල්පියාගේ හැසිරීම කෙහොම ?, මෙයාගේ මනුෂත්වය කොහොම ?, මෙයා ජීවත්වෙන ක‍්‍රමේ මොකක් ? කියලා. දේවල්වල පොඩි අවුලක් තිබ්බොත් රසිකයා විවේචනය කරන්න ගන්නවා. විවේචන පිළිගන්න ගන්න  ඕන. විවේචන ඇතුලේ තමන්ට ගත යුතු දෙයක් තියෙනවනම් දේ හදාගෙන හැම දේටම ගෞරව කරගෙන කලා ශිල්පියෙක් හැටියට ඉදිරියට යන්න පුළුවන්ඒවා පිළිගන්නේ නැතුව ඉදිරියට ගියොත් මේ ගමන යන්න අමාරුයි. නිසා ජනතාව දීපු පිළිගැනීම උඩ පිළිගැනීම කැලැල් නොකර තියාගන්න තාමත් උත්සහ කරමින් ඉන්නවා.


දැන් තියෙන නිර්මාණ දිහා බැලූවාම හැමදේම හොදයි කියලා කියන්නත් බෑ නරකයි කියලා කියන්නත් බෑ. නරකනම් අපි දේ අයින් කරනවා. කුණු මාළු කෑල්ලක් තිබ්බොත් අපි කන්නේ නෑනේ, ඒක්කෝ හොද මාළු කෑල්ලක් ගන්නවා නැත්තම් වෙන මාළු කෑල්ලක් ගන්නවා. නිසා නරක දේ අයින් කරලා හොද දේ ගන්න අපි දැන ගන්න  ඕන. වගේම නරක දේ එළියට නොඑන්න දැනුවත් කටියදැ දැන ගන්න  ඕන. නරක දේ කරන්න පෙළඹෙන අයගේ තුවාලවලට බෙහෙත් දාන්න  ඕන මුලටයි. තුවාලේ වුණාට පස්සේ බෙහෙත් දීලා වැඩක් නෑ. මේ නරකයි හො`දයි කියන හැම කෙනෙක්ම .රි.....නි. සප්ත ස්වරය පාවිච්චි කරලා කියන්නේ. වෙන ඒවා පාවිච්චි කරලා කියන්නේ නෑ. මේ හැමෝම එක ගෙදර ඉන්න විවිධ සහෝදරයන් සෙට් එකක් වගේ. නිසා එක අම්මගේ දරුවෝ .රි.....නි. තුළ හැසිරෙන්නේ. නිසා වැඩිහිටියෝ පොඩි අයත් එක්ක තර්ක කරලා කියලා දෙන්න  ඕන නිර්මාණවල හරි වැරද්ද. වගේ සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසදුවාම සමාජයට යන්නේ හොද දෙයක්.