Saturday, July 16, 2016

මොහොතක් හිතන්න

අත්වැල් අල්ලන් කැලණි කන්ද නැගපු අපි මේ කැලණි කන්ද බැහැලා යමු’ කැලණියේ සරසවි සිසුන් දකින ලස්සනම හීනයක්. ඒත් ඒ හීනේ හැබෑ වෙන්නේ කීදෙනෙක්ගෙද? ඊට හේතුව මොකක්ද? ප‍්‍රශ්න පත්තරයක්. අපේ ජීවිතේම ප‍්‍රශ්ණ පත්තරයක්. එහෙම එකේ කොහාම උත්තර හොයන්නද? ඒත් අපි හැමෝම කැමතියි ජීවිතේ දක්න හැම හීනයක්ම හැබෑ වෙනවනම්. ජීවිතේ ලොකුම කඩඉම් පහු කරලා තමයි සරසරවියට එන්නේ. ඒත් එතනත් කඩඉමක්. අපිට ලැබෙන දේවල්වලින් සතුටු වෙනවා ඇරෙන්න. ලැබෙන්නේ නැති දේවල් ගැන හිතලා හූල්ලා වැඩක් නෑ. අපි මිරිගුවක් පස්සේ දුවන්නේ මොකටද? ඇයි අපට ඉන්නේ මහ සයුරක්. අපි මිරිගුව පස්සේ දුවලම මහ සයුර පේන්නේ නැතිව යනවා. ඒත් අපේ පහස නිවන්න ඒ මහ සයුර කෙච්චර ආසාවෙන්ද ඉන්නේ. ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම දුන්නේ, ජීවිතේ ජීවත් කරවන්න දිය දෝතක් දුන්නේ ඒ මහ සයුර. ඒත් මහ සයුර ලොකු නිසාම ද කොහොද ඒ සිසිලස දැනෙන්නේ නෑ.

ජීවිතේ ආපස්සට හැරිලා බැලූවොත් ජීවිතේ වරද්ද ගත්ත තැන් ගොඩායි. ඒ අවස්ථාවල අපිට ආගන්තුකයෝ මුණ ගැහුණා ඒ අය ආවා ගියා. අපිව දාලා ගියා ඒත් මේ මහ සයුර අපිව තනි කලේ නෑ. අපිව සැනසුවා අපේ පිපාසය නිමුවා. සරසවි ජීවිතය කියන්නේ මලින් පිරුණු මාවතක් නෙමෙයි. ජීවිතේ ගොඩක් අත්දැකීම්වලට මුහුණ දෙන, ජිවිතේට අත්දැකීම් ලබා ගන්න තැනක්. ඒ කටුක මාවත ජයගත යුතුමයි. ඒත් අපි දුවන්නේ එකම හීනක් පස්සේ ඒ හීනේ සාධාරණ ද? අපිට තියෙන්නේ ඒ හීන විතරද? එත් අර මහ මෙරක් බර උහුලන් ඉන්න මහ සයුර. එක පැත්තකින් සාධාරණයි. මේ අධ්‍යාපන රටාව තුළ කුලූවල් වෙලා තියෙන අපේ මනසට එක් විරාමයක් වෙන්නේ ඒ මිරිගුව. මේක කාටද සාධාරණියකරණය කරන්න පුළුවන්. අනිත් පැත්තේන් ගත්තොත් ඒ මිරිගුව පස්සේ  විතරක් ගියොත් ඉමක් නොපෙනෙන මහ සයුර අපට පේන්නේම නැතිවෙයි.

දහස්වාරයක් ඔය අත අල්ලාගෙන කැලණි කන්ද නගින්න ඇති, ඒත් ජීවිතේ එකම තැන නැවතිලා. හැමදාමත් ජීවිතේට එන ප‍්‍රශ්ණ පත්තරයට උත්තර හොයනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න වෙලාවක් නෑ. ‘ඔයා කෑවද? ඇයි මට කිව්වේ නැත්තේ මම බලන් හිටියා ඔයාගෙන් කෝල් එකක් එනකම්, කාටද ඔච්චරවෙලා කතා කලේ?’ හැමදාමත් එකම ප‍්‍රශ්ණය. ඒත් මොහොතක් හිතුවද? නිමක් නොපෙනෙනෙ මහ සයුර හැමදාමත් සටන් කරන්නේ අපි වෙනුවෙන් බව. එයා එක දවසක් කතා නොකරොත් දුක්වෙන අපි අපේ අනිත් ආදරණීයන් ගැන හිතුවද? ජීවිතේ ආපස්සට හෝ ඉදිරියට බැලූවොත් අපට ඉතිරි වෙන්නේ අපේ මිරිගුව නෙමෙයි. ඉමක් නොපෙනෙන ආදරයක් පුරවාගෙන බලන් ඉන්න මහ සයුර.


5 comments:

  1. මේ දේවල් අපට වෙනස් කරන්න අමාරුයි දැන්.අපි ඒකට හැඩගැහිල ඉවරයි දැන්. සල්ලි කියන සතුට පස්සෙ දුවන මිනිස්සුන්ට වෙලාවක් නෑ ආදරය වගකීම් ගැන ලතවෙන්න. මිනිස්සුන්ට ඒවා අදාලත් නෑ.
    ලංකාවෙ අද්‍යාපන ක්‍රමයත් එක්ක ජීවිත කාලෙන් බාගයක් ඉවර වෙනකල් ඉගෙනගන්න අපට කොහෙන්ද කෑවද බිවුවද අහන්න වෙලාවක්. කරපු ආයෝජනයට ප්‍රතිලාභ හොයනව ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. ඒ සමාජ ක‍්‍රමය වෙනස් කරන්න ඕන අපිමයි, සල්ලි වලට එහා ගිය ජිවිතයක් තියෙනවා අපිට

      Delete
  2. සයුරක රැළි අයිති සයුරට. වීටෙක ගොඩබිම වෙත එනවා නමුත් එය නවතින්නේ නෑ ආපහු යනවා රැළි දන්නවා රැළි අයිති සයුරට බව. ඒ නිසා රැළි කවදාවත් සයුර දාලා යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. සයුර කවදාවත් රැල්ල තනි කරන්නේ නෑ

      Delete