Sunday, July 31, 2016

සිනමාවට බහුවිධ පේ‍්‍රක්‍ෂක පිරිසක් ද වුවමනාය.....

ස්වභාවික ලෝකයේ යථාරූපි ගුණයෙන් යුතුව පේ‍්‍රක්‍ෂක සිත්සතන්හි විශ්වසනීයත්වයක් ඇතිවන ආකාරයෙන් නිරූපනය කරනු ලබන කලාවක් ලෙස සිනමාව හදුන්වනු ලැබේ. සාහිත්‍ය, සංගීතය, නර්තනය, මූර්ති යනාදී සියලූ කලා මාධ්‍යන්ට වඩා ප‍්‍රබල කලා මාධ්‍යයක් ලෙසද සිනමාව හැදින්විය හැකිය. සන්නිවේදනයේ ප‍්‍රබල මාධ්‍ය භාෂාව වුවත්, භාෂාව නොදත් පුද්ගලයාට රූපය තොරතුරක් ඥානනය කර ගත හැකි බව ලාංකීය සිනමාවේ මහා ප‍්‍රාඥයකු වූ තිස්ස අබේසේකර සූරින් පවසා ඇත. 

‘සිනමාවේ අරමුණ මිනිස් වර්ගයා අතර සහෝදරත්වය තහවුරු කිරීම’ බව ජින් බෙනොයි ලෙවි නැමැති ප‍්‍රංශ විචාරකයා සදහන් කරයි. 

මේ වන විට සිනමාව වසර සියයක් පමණ ඉක්මවූ කලාවක් බවට පත් ව ඇත. සිනමාකරුවාගේ අපේක්‍ෂාව මනුෂත්වය හා මානව සමාජය විනිවිද දැකීමෙන් මානව වර්ගයාගේ ඉරණම හා ගමන පිළිබ`ද ඥාණයක් ලබා දීමයි. පුද්ගල චර්යාව, පුද්ගල මනසේ ගුඩත්වය, ජටිලත්වය මෙන්ම සංස්කෘතික හා මානව සබ`දතාවන් ද ඒවායින් මතුවන ගැටුම්, ඛේදවාචක උසස් සිනමාකරුවකු අපේක්‍ෂා කෙරේ. ඒ නිසාම සිනමාව දේශසිමා, භාෂා සංස්කෘතික හා ආගම් පවුරු යන සියල්ල ඉක්මවා යන බුද්ධිමය ආමන්ත‍්‍රණයක් ලෙස සැලකීම වඩාත් උචිතය. එබැවින් ප‍්‍රතිභාපූර්ණ සිනමාකරුවා ලොව කොතැන හෝ ජීවත්වන මිනිසා ඔහු අයත් සමාජය ඇතුළු නොයෙක් බලවේග ද පේ‍්‍රක්‍ෂකයා අභියසට රැගෙන එයි.

කලා කෘතියකින් මනුෂ්‍යයාට ලැබෙන්නේ උත්තරීතර රසාස්වාදයක් බව පඩුවන් පවසා ඇත. සිනමා කෘතියක් නැරඹීමේ දී එය මතු පිටින් දැකීම හා එය ගැඹුරින් අවබෝධ කර ගැනීම බෙහෙවින් වෙනස් කාරණා දෙකකි. චිත‍්‍රපටිය මතු පිටින් දකිනවාට වඩා අර්ථවත් රසයක් චිත‍්‍රපටිය ගැඹුරින් අවබෝධ කරන්නාට ලැබේ. සිනමාව යනු උසස් කලා නිර්මාණයකි. එම නිසා සිනමාවක් මගින් කියවෙන දේ පේ‍්‍රක්‍ෂකයා ඉදිරියට ගෙන යන කලාවක් ලෙස විචාර කලාව හදුන්වනු ලබයි.

”මිනිසකුගේ පිලිරුවක් අදින්නට, අඹන්නට හෝ වචනවලින් වනන්නට සැරසෙන සියලූ දෙනාට ඒ තැනැත්තා පෙනෙන්නේ එකම අයුරකින් නොවේ. එක් පුද්ගලයකුට ඒ මිනිහාගේ භාහ්‍ය ආකෘතිය පමණක් පෙනෙන අතර තවකෙක් ඒ ආකෘතිය තුළ සැ`ගවී ඇත් ඔහුගේ සිතුම් පැතුම් ආදිය දකී. එහෙයින් මේ දෙවැන්නා දකින මිනිසා පළමු වැන්නාගේ රූපය වැනි නොවේ.” 

ඒ අනුව සිනමා විචාරකයා යනු සිනමා කලාවේ කුදු මහත් හැම අංගයක් පිළිබදව ද මනා අවබෝධයක් සතු අයෙක් විය යුතුය. සිනමාවේ අප දකින රූපයට යටින් තිබෙන බොහෝ දේ විචාරකයාට හසු වෙයි.


නමුත් වර්තමානයේ දී එම විචාර කාලවට අවශ්‍යය පේ‍්‍රක්‍ෂක පිරිසක් නොමැත. සිනමා නිර්මාණ නරඔන්නේද බෙහෝම අල්ප පේ‍්‍රක්‍ෂක පිරිසකි. ලාංකීය පේ‍්‍රක්‍ෂකයන් හුරු වී ඇත්තේ ආටක නාටකවලින් පිරුණු බොල් අදහස් ඇති හාස්‍ය සිනමා නිර්මාණ නිර්මාණ නැරඹීමටය. ඇගේ ඇස අග වැනි සැබෑ ලෝකයේ එක් පැතිකඩක් පෙන්නුම් කරන්නා වූ අවර ගණයේ සිනමා නිර්මාණ දෙස ඔවුන් බලන්නේ තම සංස්කෘතිය තුළ යටපත් කෙරූ දෙයක් බැවිනි. මෙවන් සිනමා නිර්මාණ පිළබද පේ‍්‍රක්‍ෂකයාට රුචියක් ලබා දීමට විචාර කලාව මනා තෝතැන්නකි. එහිදී එක් එක් පුද්ගලයා තමන් දකිනා ඇසින් සිනමා නිර්මාණය කියවා තවකෙක්ට එහි අර්ථය පැහැදිලි කර දෙයි. තවද හොද සිනමා නිර්මාණ කෘති බිහි නොවීමද වර්තමානයේ පවතින ප‍්‍රවනතාවයකි. මෙගින් විචාර කලාව පමණක් නොවේ. සිනමා කර්මාන්තය පවා නොනැසි පවතීයැයි සැකයක් පැන නගී.

නව සාධනීය ක‍්‍රියාකාරකම් සමග ඉදිරියට යන සිනමාවට බහුවිධ පේ‍්‍රක්‍ෂක පිරිසක් ද වුවමනාය. සිනමාවක් මගින් ලැබෙන ජීවිතාවබෝධය පිළිබදව අවධානය යොමු විය යුතුය. එමෙන්ම සාහිත්‍ය, නාට්‍ය සංගීතය වැනි සෙසු කලා මාධ්‍යයවලට මෙන්ම සිනමාවට ද නිශ්චිත පේ‍්‍රක්‍ෂක පිරිසක් අවශ්‍යය. වෙනත්  ඕනෑම මාධ්‍යකට වඩා සිනමාව යනු අධික පිරිවැයක් දැරිය යුතු මාධ්‍යයකි.

10 comments: